ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී තනතුර සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ පියවරක් ලෙස 2024 සැප්තැම්බර් මස 27, 28, හා 29 දින පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය සඳහා ” පෙරහුරු වැඩමුළු” පවත්වන බව සඳහන් කරමින් විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරනය කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බව මෙම දෙපාර්තමේන්තුවට වාර් තා වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඉහතින් සදහන් කර ඇති තනතුර සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ශනයේදී අපේක්ශකයන් හට අමතර ලකුනු ලැබෙන්නේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරඟ වලින් ලබා ඇති ජයග්‍රහන වලට පමණක් වන අතර එයට අමතරව එහිදී අධ්‍යාපන සුදුසුකම් හා ශාරීරික යෝග්‍යතාවය පමණක් පරීක්ශා කෙරේ.
එසේම, වෙනත් කිසිම සුදුසුකමක් සඳහා අමතර ලකුනු ලබාදීමක් සම්මුඛ පරීක්ශනයේදී සිදු නොකෙරේ.
එම නිසා එම සම්මුඛ පරීක්ශනය සඳහා පෙරහුරු වැඩමුළු වලට සහභාහී වී අමතර සූදානමක් වීම අවශ්‍ය නොවන බව සියලු අපේක්ශකයන් වෙත ශ්‍රී ලංකා රේගුව අවධාරණය කර සිටී.