ඉන්දිය කායවර්ධන සංගමය මගින් සංවිධානය කරනු ලැබූ ආසියානු කායවර්ධන සූරතාව (23) ඉන්දියාවේ දී පවත්වනු ලැබීය.මේ විවෘත තරඟාවලිය කාන්තා සහ පුරුෂ වශයෙන් තරඟ පැවැත්වූ අතර මේ සඳහා ආසියාවේ බොහෝ රටවල් සහභාගි වූහ .
මෙහිදී 70kg බර පන්තියෙන් තරග වැදුණු පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් සැරයන් මායාදුන්නේ රිදී පදක්කම දිනා ගත් අතර සමස්ත සුරතාවය යටතේ සිව්වන ස්ථානය ලබා ගනිමින් මව්බිමට මහත් කීර්තියක් අත්කර දෙන ලදී .
මෙයට පෙර ආසියානු අයෝම පුරුෂයා තරගාවලියේ දෙවැනි ස්ථානය දිනූ මායාදුන්නේ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ කායවර්ධන ක්‍රීඩාවේ නිරත වන අතර ඔහුගේ අප්‍රතිහත ධෛර්ය හා දැඩි අධිෂ්ඨානය මතින් ආසියාවේ නම් දැරූඅයෝමය පුරුෂයන් හා විශිෂ්ඨ අයුරින් තරඟ වදිමින් ඔහු ලබා ගනු ලැබු දෙවන ජාත්‍යන්තර පදක්කම මෙය වෙි.
ඉංදීය කායවර්ධන සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් 2025ආනෝල් ක්ලැසික් තරඟාවලිය සඳහා සුදුසුකම් සෘජුවම සුදුසුකම් ලබාගෙන තිබේ.



