22.4 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්අලුත්ගම මංගල උත්සවයට ගිය තවත් 21කට කොවිඩ්

අලුත්ගම මංගල උත්සවයට ගිය තවත් 21කට කොවිඩ්

අලුත්ගම ප්‍රදේශයේ පැවති මංගල උත්සවයට සහභාගී වු තවත් පුද්ගලයින් 21 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහූ මහතා සඳහන් කළේ, ඔවුන් පයාගල, පොතුවිල සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

පසුගිය දෙසැම්බර් 16 වන දින අලුත්ගම ප්‍රදේශයේ පැවති අදාළ මංගල උත්සවයට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග ඊට සහභාගී වූ පිරිස් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට භාජනය කර තිබේ.

එහිදී මනාලිය ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගැණුනු අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේ දී මෙම නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බව ආර්.ජී.සිංහබාහු මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments