21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපාසල් ලමුන් සහ තරුණ ප්‍රජාවඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කල රුපියල් කෝටි...

පාසල් ලමුන් සහ තරුණ ප්‍රජාවඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කල රුපියල් කෝටි 06ක් වටිනා මත් කරල් තොගයක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

පාසල් ලමුන් සහ තරුණ ප්‍රජාවඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කල රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමට නාවික හමුදාව එක්ව ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ ii හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පි.ඩබ්.ඒජේ.පි.කේ වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) බොරැල්ල පොලිස් වසමේ බොරැල්ල රේමන්ඩ් මල් ශාලාව අසල ඇති මාර්ග සංඥාව අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී රුපියල් කෝටි 06 ක වෙළදපොල වටිනාකමක් සහිත Pregab (ප්‍රෙගැබ්) නැමැති මත්කරල් 599,000 ක තොගයක් ලොරි රථයකින් ප්‍ර‍වාහනය කරමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් වැඩිදුර ප්‍ර‍ශ්න කිරිමේදි මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නැමැති පුද්ගලයා විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසලදි මෙම මත්කරල් තොගය ලබාදුන් බවත්, එම තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන එන ලෙසට මොහුට උපදෙස් ලබාදි ඇති බවටත් අනාවරණය වි ඇත.
තවද මෙම නීති විරෝධී මත්කරල් පාසල් ලමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් අලෙවි කරන බවද අනාවරණය විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments