22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු  නීතියේ රැහැනට

මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු  නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 ඔක්තෝබර් මස 09 වන දින බොරැල්ල ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා රැගෙනයමින් තිබූ මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ සැකකරුවකු (01) සහ ප්‍රවාහනය සඳහා භාවිතා කල ලොරි රථය (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද විශේෂ තොරතුරකට අනුව නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව, 2024 ඔක්තෝබර් මස 09 වන දින දිවා කාලයේ බොරැල්ල ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු පුද්ගලයකු (01) සහ ඔහු ගමන් ගත් ලොරි රථය පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයා සන්තකයේ තිබී අලෙවි කිරීම සඳහා රැගෙනයමින් තිබු මත්පෙති ලක්ෂ හයක (600,000) පමණ තොගයක් සමඟ එම සැකකරු (01) සහ ලොරි රථය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. 

මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01), මත්පෙති තොගය සහ ප්‍රවාහනය සඳහා භාවිතා කල ලොරි රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments