28.8 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය දහයකට පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිළක්

අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය දහයකට පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිළක්

හාල්, පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ළූණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වර්ග දහයකට පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිළක් නියම කිරීම පියවර ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.  

මිහින්තලයේ ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවක් සඳහා එක් වෙමින් ඉකුත්(02) වෙළෙඳ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 ඒ අනුව හාල්, පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ළූණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වර්ග දහයක් සඳහා දේශීය නිෂ්පාදකයන්ගෙන් හා ඍජු ආනයනකරුවන්ගෙන් සැපයුම් මිළ ගණන් කැඳවීමේ පුවත්පත් දැන්වීමක් මෙම මස දී පළ කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අවම මිළකට  මිළදී ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය මඟින් මේ වන විට වැඩපිළිවෙලක් සකසා ඇති බවද පෙන්වාදුන්නේය. 

අවම සැපයුම් මිළගණන් යටතේ ලබා ගන්නා නිෂ්පාදනයන් ඍජුවම සතොස, සමූපකාර හා Q-shop ජාලය හරහා පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ආරම්භක පියවරක් වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිළ ස්ථායීකරණය අරමුණු කරගනිමින් සකසා ඇති මෙම වැඩපිළිවෙල පෙබරවාරි මස සිට ජූනි මස දක්වා මාස 06ක කාලය තුළ පවත්වාගෙන යාමට කටයුතු සම්පාදනය කර ඇති බවද සඳහන් කළේය.
එමෙන්ම දේශීය නිෂ්පාදනකරුවන්ගෙන් ද,  මෙරට නිෂ්පාදන ධාරිතාවය ප්‍රමාණවත් නොවන අන්දමේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඍජු ආනයනකරුවන්ගෙන් ද සපයා ගනිමින්, රජයේ වෙළෙඳසැල් ජාලය හරහා පාරිභෝගික ජනතාවට අවම මිළ ගණන් යටතේ ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments