22.5 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeදේශීය පුවත්විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම්

විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම්

රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 

ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා  යොමු කිරිමට හැකිවේ. විදේශ ගත ශ්‍රමිකයාගේ ගමන් බලපත්‍ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුලත් කිරිමෙන් මෙම සේවාව ලබා ගත හැකිය.

එලෙස ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සඳහා අදාල පැමිණිලි කරුට යොමු අංකයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් ලැබේ. අනතුරුව අදාල පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමු වු පසු ඒ බව දන්වා නැවත ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මගින් ලැබේ. මෙම පැමිණිලි ඉදිරිපත් කිරිමේ පහසුකම මගින් තමන්  සේවය කරන රටේ තානාපති කාර්යාලයට නොගොස්, තම පැමිණිල්ල ජංගම දුරකථනයෙන් හෝ පරිගනකය මගින් යොමු කිරිමට හැකිවේ. එසේම විදේශ ගත ශ්‍රමිකයාගේ පවුලේ ඥාතියෙකුට වුවද, අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල කාර්යාංශයට හෝ පළාත් කාර්යාලයකට නොපැමිණ  ජංගම දුරකථනයෙන් හෝ පරිගනකය මගින් යොමු කිරිමට හැකිවේ
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments