26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedරුපියල් මිලියන විසිපහක මත්ද්‍රව්‍ය තොගයක් රේගු දැලේ.

රුපියල් මිලියන විසිපහක මත්ද්‍රව්‍ය තොගයක් රේගු දැලේ.

ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන්තොටුපොලට අනුයුක්ත නිලධාරීන් විසින් මැලේසියාවේ සිට පැමණි මගියෙකු විශ මත්ද්‍රව්‍ය තොගයක් නීතී විරෝධී ලෙස රට තුලට ගෙන ඒමට තැත් කිරීමේදී (16) අත් අඩංගුවට ගෙන ඇති බව අතිරේක රේගු අධ්‍යක්ශ ජනරාල්,රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

UL 315 දරන ගුවන් යානයෙන් පැමිනි ඉන්දියන් ජාතිකයෙකු වන මෙම මගියා ලඟ තිබූ සාරී තොගයක සඟවාතිබී අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1ක් රේගු නිලධාරීන් සොයාගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 25ක් ලෙස තක්සේරු කර තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දී තිබේ.
චායාරූප පහතින්.



RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments