21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeසමාජසේවාගංවතුරෙන් පීඩාවට පත් වූ අයට කොළඹ රතුකුරුසයෙන් ප්‍රථමාධාර සේවා

ගංවතුරෙන් පීඩාවට පත් වූ අයට කොළඹ රතුකුරුසයෙන් ප්‍රථමාධාර සේවා

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට ප්‍රථමාධාර සහ වෛද්‍ය ප්‍රතිකාර සහාය ලබාදීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව පියවර ගෙන ඇත.
ඒ අනුව ඉකුත් (12) කොලොන්නාව, හංවැල්ල සහ කඩුවෙල ආරම්භ කළ එම වෛද්‍ය සායන කඳවුරු දින හයක් පවැත් වූ බවත් එම වැඩ සටහනේ දෙවන අදියර (22)කොළොන්නාවේ සාලමුල්ල ග්‍රාමලධාරී වසමේ ගමගේවත්ත මෙහෙණි ආරාමයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය.
මෙම ප්‍රථමාධාර හා සෞඛ්‍ය වෛද්‍ය සායනවලදී අපජලය මිශ්‍ර වූ ගංවතුර ජලය හේතුවෙන් විවිධ රෝගි හා ආසාදන තත්ත්වයන්ට ලක් වූ සහ තුවාල සිදු වූ අයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ නොමිලේ ලබාදුන් බවත්, මෙම කාලගුණ තත්ත්වය තුළ බහුලව වැළදෙන රෝග තත්ත්වයන් වළකා ගැනීම පිළිබඳ ප්‍රදේශවාසීහු දැනුවත් කිරීමද සිදුකරන බව ද ඇය ප්‍රකාශ කළාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments