ජාත්‍යන්තර වෙළද පොලේ සිලෝන් ටී නමින් ප්‍රචලිත මෙරට තේ අපනයනය පහත හෙලීමට ප්‍රබල බලපෑමක් සිදුකරන කසළ තේ ජාවාරම් ලුහු බැද යන පොලිස් විශේෂ කාර්ය බලකාය නීති විරෝධී ලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 3000ක් ලොරි රථයකින් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී.
විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්‍ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීම ප්‍රකාරව උප පොලිස් පරීක්ෂක ඒ.ඩී.කේ. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මුල්ලේරියාව පොලිස් වසමේ කැළණිමුල්ල මන්සන්ධියේ මාර්ග සංඥා පුවරුව අසල මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි නීති විරෝධීව මිනිස් පරිභෝජනය සඳහා නුසුදුසු බවට සැකකරන කසල තේ කිලෝ ග්‍රෑම් 3,000 ලොරි රථයක් මගින් ප්‍රවාහණය කරමින් සිටි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙලෙස සිදුකරන කසල තේජාවාරම් නිසා ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවෙ සිලෝන් ටී නමින් මෙරටට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් වන තේ අපනයනය ට ද දැඩි බලපෑමක් සිදුවී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය නිරන්තරයෙන්ම මෙම ජාවාරම් කරුවන් පසුපස හබා යමින් මෙරට තේ කර්මාන්තය රැක ගැනීමට සුවිශාල මෙහෙයක් සිදුකරනු ලබයි.
මාතර නාවිමන ප්‍රදේශයේදී ඉකුත් (15) ත්‍රී රෝද රථ රියදුරෙකු අමානුෂික ලෙස ඝාතනය කර පලාගොස් කෑගල්ල හෙට්ට්පොල ප්‍රදේශයේ සැගව සිටි වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගන්නා ලදි.
මොවුන් එම ඝාතනය කර කැගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ නිවසක සැගව සිටින බවට ලද තොරතුරු මත පොලිස් සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍යනාශක සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ 11 හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්ලිව්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිළධාරින් කණ්ඩායමක් විසින් වහා කියාත්මක වී මහත් වු පරිශ්‍රමයක් දරා මෙම වෙඩික්කරුවන් දෙදෙනා සහ වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයාද අත්අඩංගුවට ගන්නා ලදි. පසුව මෙම සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මාතර මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී .
මෙම මාතර නාවිමන මනුෂ්‍ය ඝාතනය දැනට විදේශගතව සිටින රොටඹු අමිල නැමැති පුද්ගලයාගේ මෙහෙයවීම මත සිදුවී ඇති අතර මේ සදහා වෙඩික්කරුවන් සදහා අදාල ගිණි අවිය හා මෝටර් රථයද මොහු විසින් සපයා ඇති අතර වෙඩික්කරුවන් විසින් ඝාතනය සිදු කිරීමෙන් පසුව එම මොටර් රථය පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගෙන ඇති අතර ඉන් පසු මොවුන් කෑගල්ල ප්‍රදේශයට ගොස් සැගව සිටියදී ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත. මොවුන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී මෙම මනුශ්‍ය ඝාතනය මත්ද්‍රවය සම්බන්ධ ගැටළුවක් මුල් කරගෙන සිදුවීඇති බවට කරුණු අණාවරණය වී ඇත.
මෙම ඔත්තු බැලු පුද්ගලයා සහ වෙඩික්කරුවන් පැමිනි කාර් රථය පැදවු පුද්ගලයාද පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් (15) මාතර, නාවිමන, රුවන්වැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව මාර්ගය නිරීක්ෂණයකර ඇති මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 පුද්ගලයකු මාතර පොලිස් වසමේ කැකණදුර – වෙහෙරහේන මාර්ගයේ ගෝල්ඩන් සිටි CCRE Land අසල දී අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි තබා ඝාතනය කිරීමට අදාලව රථය පැදවූ මාතර, තොටමුණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයෙකු අම්බලන්තොට පොලිස් වසමේ අංක 90/6-D, රත්නපුර පාර, උහපිටිගොඩ ලිපිනයේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙ අනුව මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට සම්බන්ධ වූ සියලු සැකකරුවන් ඉතාමත් කෙටි කාලයක් තුළ නීතියේ රැහැනට හසුකර දීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය .
ගිණි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් සූරියවැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී වෑවිටවිධාන මහතාගේ අධීක්ෂණයෙන් හම්බන්තොට කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යු.ජි.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20 ) සූරියවැව පොලිස් වසමේ අංක 134, වැවේගම, සුරියවැව ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කිරීමේ කම්හලක් වටලා මෙරට නිෂ්පාදිත T කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් සාදා නිම කරන ලද ගිනි අවියක කොටස් හා තවත් අවි කොටස් ඇතුළු උපකරණ සමග සුරියවැව, වැවේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ප්‍රංශයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවෙකුගේ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහණය කරමින් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්‍ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීම ප්‍රකාරව පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) වත්තල පොලිස් වසමේ අල්විස් ටවුන් මාර්ගයේ පාලම අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී මාර්ගයේ ධාවනය කරමින් තුබූ සුඛෝපභෝගී කාර් රථයක් නවතා පරික්ෂා කිරිමේදී එම කාර් රථයේ තිබී රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 258 ක් හා ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන මුදල් අට ලක්ෂ හැටනමදහස් අටසිය අනූවක්ද (රු. 869,890.00) සමග කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පදිංචිව සිටි හැදල, වත්තල යන ලිපිනයේ පිහිටි නිවස පරික්ෂා කිරිමේදී නිවසේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් බවට සැකකරන රුපියල් ලක්ෂ විසිදෙකක් ද (රු. 2,200,000.00) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය දැනට ප්‍රංශයේ සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රූබන් නැමැත්තා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයකින් ලැබෙන මත්ද්‍රව්‍ය බවට කරුණු අනාවරණය වී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගර අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන සහ භාණ්ඩ සොරකම් කිරිම, මංකොල්ලකැම් සිදුකරන ලද පුද්ගලයන් දෙදෙනෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එච්.පී.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18 ) හංවැල්ල පොලිස් වසමේ ලබුගම මාර්ගයේ නිරිපොලට හැරෙන ස්ථානයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගර යන අය සමග සම්බන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්, භාණ්ඩ සොරකම් කිරිම, මංකොල්ලකැම් සිදුකරන ලද සහ නඩු අංක 7043, 60257, 54179, 11900 යන නඩු සදහා අවිස්සාවෙල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත්කර තිබු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 950 සමඟ සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින ලලිත් කන්නන්ගර යන අය සමග සම්බන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්, භාණ්ඩ සොරකම් කිරිම, මංකොල්ලකැම් සිදුකරන ලද ඔහුගේ සමිපතමයෙකු වන හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 4 මිලි ග්‍රෑම් 980 සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හංවැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
නිධානයකින් ලබා ගන්නා ලද පෞරාණික වටිනාකමකින් යුතු මිල අධික මැණික් ගල් 04ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශ නිළධාරින්ගෙන් ලද තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් මහනුවර කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඒ.යු බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18 ) තලාතුඔය පොලිස් වසමේ අංක 62, පුබුදුගම ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නිධානයකින් ලබා ගන්නා ලද මිල අධික මැණික් ගල් 04ක් සන්තකයේ තබාගෙන සිටි තලාතුඔය, හගුරන්කෙත, කෙන්ගල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 47, 49, 53 වයස්වල පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලාතුඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.





