22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්කම්බිලි විජයග්‍රාහි දින 75 පසුකරයි.

කම්බිලි විජයග්‍රාහි දින 75 පසුකරයි.

ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කල ” කම්බිලි” චිත්‍රපටයේ 75 වන ජයග්‍රාහී දින සැමරුම පසුගිය 22 වන දිනට යෙදී තිබුණි .මේ වන විටත් දිවයින පුරා සිනමා ශාලා රැසක සාර්ථක ලෙසින් ප්‍රදර්ශනය වෙමින් පවතී.දේශපාලනඥයන්ගේ තිත්ත ඇත්තත් , සුදු ඇඳගත් සමාජ සේවකයන්ගේ කළු ජීවිත පිළිබඳවත් විවරණයක යෙදෙන කම්බිලි චිත්‍රපටයේ , අමිල කරුණානායක ,නෙත්මි රොෂෙල් , නීටා ප්‍රනාන්දු , බිමල් ජයකොඩි, ධර්මප්‍රිය ඩයස් ,සනත් ගුණතිලක , සුජානි මේනකා , දේව් සුරේන්ද්‍ර , සමිත සුදිශ්වර ඇතුළු රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් ඔපවත් වී ඇති අතර මෙහි ගීත ගායනයෙන් යෞවනයේ හද බැඳ ගත් සේනානායක වේරලියද්ද , කාංචනා අනුරාධි , බාචි සුසාන් , රයිනි චාරුකා, ඉෂාන් ලන්ත්‍රා , ගයාන් ගුණවර්ධන හා ටෂ්නි පෙරේරා යන ශිල්පීන් දායකව ඇත. කම්බිලි නිශාන්ත ගල්හේනගේ නිෂ්පාදනයකි .

ඇන්ටන් ජේ ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments