22.1 C
Sri Lanka
Saturday, June 28, 2025
Homeදේශීය පුවත්මුඛ ආවරණ නොපැළඳ සිටියහොත් නඩු

මුඛ ආවරණ නොපැළඳ සිටියහොත් නඩු

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට අමතරව ඔවුන්ව PCR සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලට භාජනය කිරීම අද (05) සිට ආරම්භ කර තිබේ.

ඒ අනුව පොලිස් භාරයට ගත් පුද්ගලයින් 300 දෙනෙකුට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂණවලින් පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව අද තහවුරු විය.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ලෙසට සෞඛ්‍ය අංශ දිගින් දිගටම දැනුම් දෙයි.

එහෙත් සමහර පුද්ගලයින් එම උපදෙස් පිළිනොපදින බැවින් එවැනි පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා පොලිසිය සෝදිසි මෙහෙයුම් දියත් කළේය.

ඒ අනුව කොවිඩ් දෙවන රැල්ල ආරම්භයේ සිට මේ දක්වා සමාජ දුරස්ථභාවය පවත්වා නොගත්  සහ මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයින් 2,172 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පිටකොටුව ප්‍රදේශයේ මුඛ ආවරණ පැළඳනොසිටි 20 දෙනකුද අද දින අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේ දී ඉන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වූ බව පොලිසිය සඳහන් කරයි.

මේ අතර, කඳාන පොලිසිය හා කඳාන මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් ඒකාබද්ධව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර මුඛ ආවරණ නොමැතිව වෙළෙඳසැල්වල සිටි පුද්ගලයින් හා රථ වාහනවල ගමන්ගත් පුද්ගලයින් 15 දෙනෙකුට එරෙහිව අද දින නඩු පැවරිමට කටයුතු කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව සිදුකරන ලද පි.සි.ආර් පරික්ෂණවලදී එහි වෙළෙඳාම් කරමින් සිටි පුද්ගලයෙක් සහ නිරෝධායනයට යොමුකර සිටි අයෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

මෙම අවස්ථාවේදීත් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් සහ පැමිණ සිටි පිරිස් අතුරින් බොහෝ දෙනෙකු මුඛ ආවරණ නියමිත පරිදි පැළඳනොසිටින ආකාරය දක්නටලැබුණි.

ඔවුන් සියලුදෙනාව ම පොලිස් භාරයට ගනු ලැබීය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments