28.1 C
Sri Lanka
Saturday, June 28, 2025
Homeදේශීය පුවත්හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමි ඝාතනයේ රහස හෙළිවේ

හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමි ඝාතනයේ රහස හෙළිවේ

හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුවෙල ධම්මසිරි හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

උන්වහන්සේගේ පුළුස්සන ලද සිරුර ඊයේ පස්වරුවේ සොයාගැනුණේ, කොටදෙණියාව නාවාන පොදු සුසානභූමියේදීය. 

කාන්තාවක් ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත සන්නද්ධ පිරිසක් විසින් හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබුණේ, පසුගිය දෙවැනිදාය. 

උඩුවිල ධම්මසිරි හිමියන් සහ එහි සාමණේර භික්‍ෂුවකගේ මව සමඟ බහින්බස්වීමක් සිදුව ඇතිබව එම සිද්ධිය පිළිබඳව සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ.

පොලිසිය පැවසුවේ, එම බහින්බස් වීමෙන් පසුව සාමණේර හිමිගේ මව තම අනියම් සැමියා යැයි පැවසෙන පුද්ගලයෙක් ඇතුළු දස දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ පිරිසක් ආරණ්‍ය සේනාසනයට පසුගිය 2 වැනිදා පැමිණ උඩුවිල හිමියන්ට පහරදී පැහැරගෙන ගොස් ඇති බවය. 

ඔවුන් එම පැහැරගත් හිමිනම ව ගෙනැවිත් ඇත්තේ, කඩවත පිහිටි දෙමහල් නිවසකටය.

එහිදී සාමණේර හිමිගේ මව හා ඇයගේ අනියම් සැමියා සිදුකළ දරුණු පහරදීමකදී කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති වහන්සේ අපවත්වී ඇති බව වාර්තා වේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ අළුයම් කාලයේදී උන්වහන්සේගේ සිරුර කොටදෙණියාව නාවාන පොදු සුසාන භූමියේදී පුළුස්සා ඇති බවය. 

එය චීවරධාරියෙකුගේ දේහයක් බව හඳුනාගෙන ඇත්තේ, පිළිස්සුණු සිරුරේ රැඳී තිබූ සිවුරු කොටසකිනි.

මේ අතර, හංවැල්ල පොලිසියට අදාළ ආරණ්‍ය සේනාසනයේ සාමණේර හිමිනමකගේ පියා භාරවී ඇත්තේ අදාළ හිමියන් පැහැරගෙන ගිය බවට සැකකෙරෙන වෑන් රථය ද සමගිනි.

ඒ අනුව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම ඝාතනය සිදුකළ බවට සැකකරන සාමණේර හිමියන්ගේ මව හා අනියම් සැමියා ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments