26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පොදු ස්ථානවලදි නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතයේදී ඔබේ දත්ත සොරකම් කිරීමේ ජාවාරමක්.

පොදු ස්ථානවලදි නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතයේදී ඔබේ දත්ත සොරකම් කිරීමේ ජාවාරමක්.

පොදු ස්ථානවල නොමිලේ ලබාදෙන වයිෆයි භාවිතා කිරීමේ දී ජනතාව වඩාත් අවධානයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත් බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ එවැනි ස්ථානවල වයිෆයි භාවිතා කිරීමේ දී පෞද්ගලික තොරතුරු සොරාගැනීම පිළිබඳ පැමිණිලි රැසක් සිය සංසදය වෙත ලැබෙමින් පවතින බවය.

එබැවින් පොදු ස්ථානවල දී නොමිලේ ලබාදෙන වයිෆයි භාවිත කරමින් අන්තර්ජාල කටයුතු සිදුකිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව ඔහු සදහන් කළේය.

“නොමිලේ ලබා දෙන වයිෆයි සේවාවන් සමගම තවත් පුද්ගලයින්ට පුළුවන් ව්‍යාජ වයිෆයි සේවා ලබා දීලා පොදු මහජනතාව ඔවුන්ගේ සේවාවන් ලබා දීම එම සේවාව හරහා යොමු කරගෙන ඊට පස්සේ ප්‍රවේශවීමට ලබා දෙන මුරපද සහ අනෙකුත් සියලුම තොරතුරු සොරා ගැනීමකට ලක් කරන්න. විශේෂයෙන්ම පොදු ස්ථානවල ඇති වයිෆයි සම්බන්ධතාවයන්වලින් අන්තර්ජාලයට පිවිසීම් සිදුකරනවා නම් කිසිම විටක තමන්ගේ පෞද්ගලික ගිණුම්වලට පිවිසීම, විද්‍යුත් ලිපිනයන්ට ප්‍රවේශවීම සහ ගිණුම් කටයුතු සිදුකිරීම කිසිම වෙලාවක සිදු නොකළ යුතු බව.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments