දීර් ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් කේරළ ගංජා ජාවාරමේ යෙදුනු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විජේෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂක එස්.පි. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පාදුක්ක පොලිස් වසමේ අංක 17/12, පුස්ඇලි මාවත, ගලගෙදර, පාදුක්ක ලිපිනයේ දී වැටලීමි සිදුකර ඇත.
එහි දී ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 55 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 67.5 ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 59,630.00 ක් සන්තකයේ තබාගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පාදුක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම් කරු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (26) බොරලැස්ගමුව පොලිස් වසමේ අංක 24/1/1, පළමු පටුමග, දේවාලමුල්ල පාර, දෙහිවල පාර, බොරලැස්ගමුව ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ආරක්ෂක අංශ නොමග යවමින් මෙරට රැදී සිටිමින් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් සිටි සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මර්වින් ජානා නොහොත් බේකරි ජානා” යන අනුවර්ථ නාමයන්ගෙන් හදුන්වනු ලබන අපරාධ කරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17, මිලි ග්‍රෑම් 60 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම සදහා කාර් රථයකින් ගමන් කරමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සැකකරු අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 45 වන පුද්ගලයෙකි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින පුගුටි කන්නාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ බස්නාහිර පාලත (උතුර) විශේෂ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක පී.ජි.එස්.පී. විද්‍යාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) පැලියගොඩ පොලිස් වසමේ අංක 293/61, නුවර පාර, පැළියගොඩ ලිපිනයේ දී, අංක 16/ඒ/1, නිග්රෝධාරාම මාවත, පැළියගොඩ ලිපිනයේ දී සහ කැළණිය බුළුගහ හංදියේ පිහිටි ලියානා හෝටලයේ දී වැටලීම් සිදුකර ඇත.
එහි දී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන විදේශගතව සිටින පුගුටි කන්නා සමග සමීප සම්බන්ධතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ලද පැළියගොඩ, මට්ටක්කුලිය සහ කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ත් 41 ත් අතර පුද්ගලයින් තිදෙනෙකු සහ වයස අවුරුදු 40 ක කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 මිලි ග්‍රෑම් 800 ක්, PREGABALIN මත්පෙති 20 සහ ජංගම දුරකථන 06 ක්, විද්‍යත් තරාදි 03 ක් සහ මුදල් රුපියල් 331,900.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පැළියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
බූස්ස බන්ධනාගාර තුල හදිසි සෝදිසි කිරීමකදී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවටවිශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් බුස්ස බන්ධනාගාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක කේ.කේ. සුනිල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ C කොටස තුල හදිසි සෝදීසි කිරීමක් කර අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
එහි දී නිලධාරීන්ට CCTV මෙහෙයුම් මැදිරියේ නිරික්ෂණය වූ CCTV දර්ශණ අනුව බන්ධනගාරයේ විශේෂ අංශයේ C කොටසේ අංක 69 සිර මැදිරියේ රදවා සිටින රැදවියාගේ හා අංක 74 සිර මැදිරියේ රදවා සිටින රැදවියාගේ සිර මැදිරි තුල තිබි ජංගම දුරකථන 03 ක්, හැන්ඩ් ප්‍රී 01 ක්, චාජර් පරිපථයක් හා ඩේටා කේබලයක් අත්අඩංගුවට ගනෙ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර ඇත.


