26.5 C
Sri Lanka
Sunday, June 29, 2025
Homeදේශීය පුවත්පාසල් හා සෞඛ්‍ය අංශ භාවිතයට කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂන උපකරණ පරිත්‍යාග කරයි

පාසල් හා සෞඛ්‍ය අංශ භාවිතයට කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂන උපකරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා චින සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය මගින් පාසල් සිසුන්,
ගුරුවරුන් හා සෞඛ්‍ය අංශවල ප්‍රයෝජනය සඳහා විෂබීජ හරණ කාරක විදින උපකරණ,
ස්වයංක්‍රීය අත් සෝදන යන්ත්‍ර, විෂබීජ හරණකාරක දියර, ශරීර ආරක්ෂණ ඇඳුම්
කට්ටල හා මුහුණු ආවරණ පරිත්‍යාග කිරිම පසුගියදා කොළඹ විහාර මහාදේවි
බාලිකා විද්‍යාලයේදි සිදුකෙරිණි. මෙහිදි පාසල් 40 කට, රෝහල් දෙකකට හා
කොළඹ නාගරික මහජන සෞඛ්‍ය අංශයට කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ, පළමු වැඩසටහන
යටතේ බෙදා දෙන ලදි.

විදේශ රටවල් සමග මිත්‍රත්වය සඳහාවන චීන ජනතා සංගමය (Chinese People’s
Association for Friendship with Foreign Countries), සාමය හා සංවර්ධනය
සඳහා වන චීන මිත්‍රත්ව පදනම(China Friendship Foundation for Peace and
Development), කොවිඩ් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබාගැනිම සඳහා සහය ලබා දී
තිබේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස් රුවන්චන්ද්‍ර,
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේන්ද්‍ර
විජේතුංග, ශ්‍රී ලංකා චින සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති
ඉන්ද්‍රනන්ද අබේසේකර, යන මහත්වරුන් හා පාසල් නියෝජනය කරමින්
විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරින් එක් විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments