29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආණ්ඩුව ජනවරමට පිටුපෑවොත් එහි දේශපාලන වගකීම අපට භාරගන්න බැහැ

ආණ්ඩුව ජනවරමට පිටුපෑවොත් එහි දේශපාලන වගකීම අපට භාරගන්න බැහැ

ආණ්ඩුවට ලැබුණු ජනවරමට පිටුපා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමේ දේශපාලන වගකීම තමන්ට භාර ගැනීමට නොහැකි බව ජාතික නිදහස් පෙරමුණ අගමැතිවරයාට දැනුම් දී තිබේ.

අගැමතිවරයාට ලිපියක් යොමු කරන ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් එස්. විජයසිරි මෙසේ කියන්නේ 20 වැනි සංශෝධනයට අදාළ ප්‍රධාන කාරණා තුනක් සම්බන්ධයෙන් ප්‍රබල මහජන විරෝධයක් ගොඩ නැගී ඇති බවයි.

එම කාරණා සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායකයා තම සංශෝධන අගමැතිවරයා පත් කරන ලද කමිටුවට ඉදිරිපත් කළත් එම සංශෝධන කිසිවක් නීතිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ සහ කාරක සභා අවස්ථාවේ සංශෝධනයට නියමිත යෝජනාවලියේ අඩංගු වී නැති බව ජාතික නිදහස් පෙරමුණ සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කොට ඇති රාජ්‍ය බැඳුම්කර කොටස් හිමි සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් නිදහස් කිරීම, මහජනයාගේ දැනගැනීම පිණිස ගැසට් කිරීමෙන් තොරව හදිසි පනත් සම්මත කිරීම. ද්විත්ව පුරවැසි බාධකය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඔබ්බට තානාපතිවරුන් සහ රජයේ ප්‍රධාන උසස් නිලතලවලට ද පැනවීම වෙනුවට එම බාධකය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම ප්‍රධාන තීරණාත්මක කරුණු ලෙස එම පෙරමුණ පෙන්වා දෙයි.

මෙම කාරණා ඉතිහාසයට මෙන්ම ආණ්ඩුව ලැබූ ජනවරමට සාධාරණයක් ඉටු කිරීම සඳහා නිවැරදි කළ යුතු බව ජනිපෙ අවධාරණය කර සිටී. මෙම අදහස් ජනවරම ආරක්ෂා කිරීම සඳහා ගනු ලබන දේශපාලන ස්ථාවරයකි. එම ස්ථාවරය නොසලකා කටයුතු කරන්නේ නම් එහි දේශපාලන වගකීම භාර ගැනීමට නොහැකි බව ජාතික නිදහස් පෙරමුණ සිය ලිපියෙන් අගමැතිවරයාට පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් 20 සංශෝධනයට අදාළව ආණ්ඩුව ආරක්ෂා කිරීමේ ස්ථාවරය අත් නොහරින බවද එම පක්ෂය අගමැතිවරයාට දැනුම් දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments