ඒ මහතා හිටපු ප්‍රවීන,ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු හා මාධ්‍යවේදීයකුවන ජනදාස පීරිස් මහතා හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන මාලනී පීරිස් මහත්මියගේ එකම පුත්‍රයාවේ.
මෙම ආයතනයේ මීට පෙර නියෝජ්‍ය පරිපාලන නිලධාරි ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා ලේක්හවුස් ආයතනයේ සියලු පුවත්පත් භාර ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ. පසු කාලීනව සම්මානනීය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිර්මාණ ජනතාව අතර ජනප්‍රසාදයට පත්විය.
පීරිස් මහතා එළඹුණු සුබමොහොතින් (18) නව තනතුර භාර ගැනීම ලේක් හවුස් ආයතනයේදී සිදුවිය. මේ අවස්ථාවට මෙම ආයතනයේ සභාපති ගාමිණි වරුසමාන, කර්තෘ මණ්ඬල අධ්‍යක්ෂ සිසිර යාපා යන මහත්වරුද එක්ව සිටියහ.
චාමර පීරිස් මහතාගේ නව තනතුරට හා නිර්මාණාත්මක ගමනට ජය හරසර !!!!!!


