21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රමුඛ තව අමාත්‍ය මණ්ඩලයට බානගල උපතිස්ස නා...

ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රමුඛ තව අමාත්‍ය මණ්ඩලයට බානගල උපතිස්ස නා හිමි ගෙන් සුභපැතුම්.

උතුර දකුණ ජන විශ්වාසය දිනා ගනිමින් දැවැන්ත ජන වරමක් ලබමින් තේරී පත්වූ ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයන් ගෙන් බැඳුම්ලත් අග්‍රාමාත්‍ය තුමිය ඇතුළත් අභිනව අමාත්‍ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ශුභ පැතුම් පිරිනමමි.

විවිධ විෂය ක්ෂේත්‍රයන් හි නිපුණ ශාස්ත්‍රාලීය ප්‍රවීණයන් ගෙන් මෙන්ම ,මහජනතාව සමඟ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළට ඔසවා තැබීමට ජන අරගලයන්ට නායකත්වය දුන් ජන නායකයන් ගෙන් සැදුම්ලත්,මෙවර පත් වූ ගරු අග්‍රාමාත්‍යතුමිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයට මේ රටේ මහජනතාවගේ ජීවන අපේක්‍ෂාවන් යථාර්ථයක් බවට පත්කරමින්,,අපේ මාතෘ භූමිය සුවිශේෂී ජයග්‍රාහී සංවර්ධනයක් කරා ගෙන යාමට,නව පිරිපුන් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීමට තේරී පත් වූ නව රජයටත් අද සිය අමාත්‍යධූරයන් හි වගකීම් බාරගත් ගරු අගමැතිතුමිය ඇතුළු නව අමාත්‍ය මණ්ඩලයට තෙරුවන් සරණින් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.
නව රජයේ ජන හිතවාදී කටයුතු ඉටුකර නිවැරදිව සාර්ථකත්වයට ගෙන යාමට සියළු නිලධාරීන්ගේ සහ මහජනතාවගේ උපරිම සහයෝගය මෙම රජයට ලබා දීම ජාතික යුතුකමක් බව අපි තරයේ අවබෝධ කරගත යුතු වෙමු.

බානගල උපතිස්ස ස්ථවිර
ජපානයේ ප්‍රධාන සංඝනායක,
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති
විහාරාධිපති
සාංචි චේතියගිරි ,ජපානයේ සවරා ලංකාජී විහාරය,මාළිඟා කන්ද අග්‍රශ්‍රාවක මහා විහාරය,සපුගස්කන්ද අබේසේකරාරාම මහා විහාරය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments