ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් 16 වැනි වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය, 2024 නොවැම්බර් මස 18 වන දින සිට 26 වන දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ පුර්ණ අධික්ෂණය යටතේ පවත්වනු ලබන මෙම තරඟාවලිය සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 කට අදික පිරිසක් සහභාගිවීමට නියමිත මෙම තරගාවළියේදි වයස අවුරුදු 09න් පහළ, අවුරුදු 11න් පහළ, අවුරුදු 13න් පහළ, අවුරුදු 15න් පහළ, අවුරුදු 17න් පහළ, අවුරුදු 19න් පහළ , වයස අවුරුදු 35න් ඉහළ, අවුරුදු 40න් ඉහළ, අවුරුදු 45න් ඉහළ, සහ අවුරුදු 50න් ඉහළ, අවුරුදු 55න් ඉහළ යන වයස් කාණ්ඩ යටතේ ද ආධුනික පිරිමි සහ කාන්තා වයස අවුරුදු 11න් පහළ, අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩ යටතේ හා විවෘත පිරිමි හා කාන්තා ලෙසද තරග පැවැත්විමට නියමිතව ඇත.
වයස් කාණ්ඩ 25 ක් යටතේ පැවැත්වීමට නියමිත මෙම තරඟාවලියේ අවසන් මහා තරගය 2024 නොවැම්බර් 26 වන දින පස්වරුවේදි ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවළියේ විවෘත පිරිමි හා කාන්තා අංශයේ තරගයන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ තරගාවළියක් වන අතර ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් නියොජනය කරමින් විදේශිය ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගිවිමට නියමිත මෙම තරගාවළියේදි විවෘත පිරිමි අංශයෙන් එයාර් චීෆ් මාර්ෂල් පී.එච් මෙන්ඩිස් අභියෝගතා කුසලානය සදහා ද විවෘත කාන්තා අංශයෙන් එයාර් චීෆ් මාර්ෂල් හැරී ගුණතිලක අනුස්මරණ කුසලාන සදහා තරගවැදිමට නියමිත අතර, මෙම තරගාවළියේ ජයග්‍රාහක ක්‍රිඩක ක්‍රිඩිකාවන් වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනැමිමට ද නියමිතව ඇත.