නීතියේ ඇසට වැලි ගසමින් රජයට අය විය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ මෙරටට ගෙන්වනු ලැබු රුපියල් ලක්ෂ 42 ක් පමණ වටිනාකමක් ඇති නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් ගෝනහේන කඳවුරේ උප පොලිස් පරීක්ෂක එල්.ඩී.එස්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) කෙසෙල්වත්ත පොලිස් වසමේ මිරානි වීදියේ පිහිටි වන්දි දර්බාන් හෝටලය ඉදිරිපිට දී සහ සවුන්ඩර්ස් මාර්ගයේ දී වැටලීමි සිදුකර ඇත.
එහි දී නීති විරෝධීව තීරු බදු නොගෙවා හොර රහසේ මෙරටට ගෙන්වන ලද Manchester දුම්වැටි 52,800 ක් සන්තකයේ තබාගෙන සිටි පෙරියමුල්ල, මීගමුව ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 41 ක පුද්ගලයකු සහ මාට්ස් පටුමග, කොළඹ 12 ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 39 ක් වන පුද්ගලයන් දෙදෙනෙකු මුදල් රුපියල් 24,200 ක් සහ ජංගම දුරකථන 03, යතුරු පැදියක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෙසෙල්වත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් දුම්වැටි වල වටිනාකම රුපියල් ලක්ෂ 42 ක් පමණ වේ.