රුපියල් මිලියන එකොලහක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ඩුබායි සැගව සිටින මහවත්ත චාමරගෙ ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මේහෙයුම් ඒකකය II හි පොලිස් සැරයන් මාතර ආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) කඩවත හා දොම්පේ පොලිස් වසමේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 536 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් එක්කෝටි දස ලක්ෂයක්, කාර් රථයක් හා ජංගම දුරකථන 03 ක් සමඟ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 29 ක පුද්ගලයකු හා කඩවත ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.