21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන්එරට සේවය කරන ශ්‍රමිකයින්ට හාවිදේශිකයන්ට නිවේදනයක්...

කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන්එරට සේවය කරන ශ්‍රමිකයින්ට හාවිදේශිකයන්ට නිවේදනයක්…

දෙසැම්බර් 31 ට පෙර ඇඟිලි සලකණු ලබාදිය යුතුයි.

කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික (Biometric) ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබෙන අතර, එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය  2024 දෙසැම්බර් 31 දිනයෙන්  අවසන් වන බව සඳහන් කර තිබේ. පසුගිය සැප්තැම්බර් මස අවසන් වීමට  නියමිතව තිබූ මෙම දිනය යළි දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කර තිබේ. කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.

ඒ අනුව ජීවමිතික (Biometric) ඇඟිලි සලකුණු කුවේට් රාජ්‍යයට අයත් “Sahel” මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ “Matta” නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට කාලය වෙන් කරවා ගත හැක. එමෙන්ම ඔන්ලයින් ක්‍රමවේදයට ඇඟිලි සලකුණු ලබාදීමට සුදුසු ආසන්න ස්ථානයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව හවාලි (Hawally) ෆර්වානියා (Farwaniya), අහමාද් (Ahmade) මුබාරක් අල් කබීර් (Mubarak Al Kabeer), ජහ්‍රා (Jahra) යන ස්ථානයන් හී පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ  කාර්යාලවල ස්ථානගත කර ඇත.

මෙයට අමතරව අලි ‍සබා අල් සලීම්, උම් අල් – හයෙමාන් සහ ජහ්‍රා ප්‍රදේශවල පිහිටි ඇඟිලි සලකණු ලබාදීම සඳහා වන පුද්ගලයින් විමර්ශනය කිරීමේ දෙපාර්තමේන්තු‍වේ දී සිදුකළ හැක.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් “The Times Kuwait”පුවත්පත මගින් සඳහන් කර ඇත්තේ ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රජය හා බැංකු කටයුතුවලට බාධා පනවන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments