විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල කලාපය බාර පොලිස් අධිකාරී එස්.ඩි.එස්.ජි.එල්. නානායක්කාර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඒ.ඒ.යු. රනසුරිය මහතාගේ අධීක්ෂණයෙන් සියඹලාණ්ඩුව කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එස්.කේ. කන්නන්ගර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.12.11 වන දින මොණරාගල පොලිස් වසමේ ඔබ්බේගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පුරාවිද්‍යා වටිනාකමක් සහිත පිළිමයක් සන්තකයේ තබාගෙන සිටි පිලිමතලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොණරාගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.