22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්police newsමිලෙන් අධික වාලම්පුරි 04 ක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ...

මිලෙන් අධික වාලම්පුරි 04 ක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය පුත්තලම කදවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.12.07 වන දින මාදම්පේ පොලිස් වසමේ හා වෙන්නප්පුව පොලිස් වසමේ දී වැටලීම් 02 ක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ලෙස මිල අධික වාලම්පුරි 04 ක් මුදලට අලෙවි කිරීමට ගිය මාදම්පේ හා වෙන්නප්පුව ප්‍රදේශ වල පදිංච් වයස අවුරුදු 41 හා අවුරුදු 42 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කරුවලගස්වැව වන ජීවී කාර්යාලය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments