22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සිව්දනකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ සිව්දනකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහා පරිමාණ හෙරෝයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.

සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ටී.එස්.පී. ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත බැංකුව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු ජංගම දුරකථන 02 ක් සමග
අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දැනට විදේශගතව සිටින මහාපරිමාණ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන රන්පැටී ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයින් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, විශේෂ කාර්ය බලකාය දෙනියාය කඳවුර යටතේ පාලනය වන පුෂ්පාරාම උප කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඒ.සි. ශිරන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17 ) මිදිගම පොලිස් වසමේ ඉබිබාවල හන්දියේ දී වැටලීම් 03ක් සිදුකර ඇත.

එහි දී දැනට විදේශගතව සිටින මහපරිමාණ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන්පැටී ගේ මත්ද්‍රව්‍ය ඉබ්බාවල ප්‍රදේශයේ පුරා බෙදා හරින ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19, 21 සහ 44 ක් වන පුද්ගලයින් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 780 ක් සහ ජංගම දුරතකන 02 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments