ඉමක් නොපෙනෙන නිමක් නැති ගමනක යෙදෙන අපේ ජීවිත කුමන අවදියක පසුවූවද , පෘථග්ජන මානවයින් ලෙසින් අපි හඹායන්නෙම ආදරය පසුපසයි . නොමියනා සේම වියපත් නොවනා ආදරය මිනිස් ජීවිත කෙරෙහී එතරම්ම දැඩිව බද්දව පවතී. නොලැබෙතැයි කියා සිතන ආදරය ලබන්නට නම් , ආදරය කළ යුතුම වෙයි. ” රෝස ආදරේ ” කියන්නෙත් කියන්නෙත් අත නෑරිය යුතු , ලස්සනම ලස්සන ආදරණීය ආදර කතාවක් . මෙහිදී ප්‍රේක්ෂකයාට හමුවන අනූජ් , රැකියා විරහිත , මවගේ සෙනෙහස පමණක් විඳිමින් ජීවත්වන ප්‍රියමනාප තරුණයෙක් . ඔහුට රැකියාවක් නොලැබීමට හේතු වුනේ , ඔහුට බාල අවදියේ සිටම වැළඳී තිබූ නාකොලොප්සි කියන අසාමාන්‍ය රෝගි තත්ත්වයයි.මොනතරම් ප්‍රතික්ෂේප වීම් සිදු වුනත් ඔහු , ඔහුගේ අධිෂ්ඨානශීලිත්වයත් , උත්සාහයත් අත් හැරියේ නෑ. හීන රැසක් පොදි බැඳගෙන අනාගතය දෙස ධනාත්මකව බැලූ ඔහුගේ ප්‍රාර්ථනය එක් දවසකදී ඉටුවුනා. නොසිතුව ලෙසින් ඔහු කරා ආ සාර්ථකත්වය සහ ආදරය රැක ගැනීමට , කැපවීම් රාශියක් කිරීමටත් , අභියෝග රැසකට මුහුණ දීමටත් ඔහුට සිදුවුනා. අනූජ් ඒ අනුවේදනීය ආදර කතාවයි ” රෝස ආදරේ ” තුලින් පවසන්නේ .
අනූජ් රණසිංහගේ කතා සංකල්පයක් මත , හර්ෂ උඩකන්ද ඔහුගේ හත්වන සිනමා නිර්මාණය ලෙසින් ” රෝස ආදරේ ” තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කර ඇත . රෝස ආදරේ හැඩගන්වන්නට නිසල හෙට්ටිආරච්චි , දිනක්ෂි ප්‍රියසාද් , දිල්හානි ඒකනායක , රජිත හිරාන් , පැතුම් රුක්ෂාන් , නිමේෂ් එදිරිසිංහ , රුමලි කේෂිඩා , වසන්ත කුමාරවිල , වසන්ත කුමාරසිරි , අශේන් නවීන් , රයන් වැන්රෝයන් , හේෂානි ලියදිපිට සහ ලාල් වීරසිංහ ඇතුළු එක්ව ඇත . නිශාන් හසිත විසින් නළු – නිළි රැඟුම් කැමරා කාචයට හසු කරගෙන ඇති අතර , තිවංක අමරසිරිගේ කතුරෙන් පත අට එකට කැටි කිරීමෙන් අනතුරුව , ශාන් අල්විස් විසින් පාට තවරා ඇත . නිමේෂ් කුලසිංහ ගේ මියුරු ගී තනු මත ශෙහාන් ගලහිටියාව සමගින් කුසල විදානපතිරණ ඇතිරූ වදන් , රවීන් තාරුක , ආදිත්‍යා වැලිවත්ත , ෆැලන් ඇන්ඩ්‍රියා , හිරුෂ ප්‍රනාන්දු සහ සෙව්මිනි අංජානා ගේ හඬින් ගීතවත් කර ඇත . දුල්ශාන් රත්නායක ගේ ඇඳුම් නිර්මාණයෙන් හැඩවූවන් මනුක ගලගෙදර විසින් වත්සුනු තවරා ඔපවත් කර ඇත . නර්ථන වින්‍යාසයෙන් ශේන් ආර් යන් ද , ශබ්ද සංස්කරණයෙන් සශින් ගිම්හාන් පෙරේරාද , හඬ පටිගත කිරීමෙන් තනුෂ්ක කහඳවල හා විධායක නිෂ්පාදනයෙන් ශලිනි ප්‍රනාන්දු උඩකන්ද , නිෂ්පාදන කළමනාකරණයෙන් නන්දලාල් ජයකොඩි එක්වූ රෝස ආදරේ , අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි නිෂ්පාදන දායකත්වය දරා ඇත .





ඇන්ටන් ජේ ප්‍රනාන්දු