නව ව්‍යවසායකයින් ගමෙන් ගමට බිහි කරන්නත් දේශීය නිෂ්පාදනවලට වඩා හොඳ වෙළඳපොළක් නිර්මාණය කිරීමටත්, අවසානයේ තරඟකාරි වෙළඳපොළෙන් පාරිභෝගිකයාට අඩුමිලකට ප්‍රමිතයෙන් හා ගුණාත්මක බවින් රජයේ වගකීමකින් යුතුව භාණ්ඩ මිලදි ගැනීමේ අවස්ථාව උදා කිරීම සඳහා Q ෂෝප් අරම්භ කළ බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්(12) ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී Q ෂෝප් එකක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය................අද දිනය අලුත් අත්හදා බලන වැදගත් දිනයක් වෙනවා. නිදහස් චතුරශ්‍රය ඉතා වටිනා බිම් ප්‍රදේශයක් බවට පත් කළේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධනය භාර ලේකම් සමයේ මේ හැම බිම් අඟලක් පුරා දුව පැන ඇවිදිමින් මෙහෙයවමින් මෙම ප්‍රදේශය පරිසර හිතකාමි දර්ශනීය ප්‍රදේශයක් බවට ටොරන්ටන් එක පරිවර්ථනය කළා. ඉන් ඉක්බිතිව නව රජය බලයට පත්වීවෙන අවස්ථාවේදී වසර පහක් දිගින් දිගටම සියලුම අංශ කඩා වැටිලා තිබෙන විට කෘෂිකර්මාන්තය, කර්මාන්ත සේවා අංශ මේ රාජ්‍ය ආයතන නැවත ශක්තිමත්ව ගොඩ නැංවීම සඳහා මෙහි භාරකරත්වය නීතිඥවරියකට භාරදී ඒ මහත්මිය මේ අවට සංවර්ධනය කරගෙන එනවිට අපි Q අලෙවිසැල් සංකල්පය ආරම්භ කර තිබුණා. මෙහි මූලික අරමුණු කිහිපයක් තිබෙනවා. අඩි හතළිහක කන්ටේනරයක් තුල මිණි සුපර්මාර්කට් එකක් කන්ටේනරයක් තුල ලෙස නොදැනෙන ආකාරයට නිර්මාණය කිරීම. ඒ තුල ගුණත්වයෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ පමණක් අලෙවි කිරීම. ඒ භාණ්ඩ මේ රටතුල සිටින ස්වජාතික නිෂ්පාදකයින්ගේ භාණ්ඩවලට ප්‍රමුඛතාවයක් ලබාදීම. ඒ මගින් ස්වජාතික රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිෂ්පාදන භාණ්ඩවලට වෙළඳපොළක් සකස් කර දීම. ඊළගට වෙළඳපොළේ පවතින විශාල ඉහල මිල ගණන්වලට සාපෙක්ෂව සැසඳීමේදි තරඟාකාරි ලෙස අඩුම මිලකට භාණ්ඩ අලෙවි කිරීම.සාධාරණ වෙළඳාමේ පෙරගමන්කරුවෙක් ලෙස ක්‍රියාකිරීම. පාරිභෝගිකයා සූරාකෑමකට ලක් නොකර ඔවුන්ට වඩා හොඳගුණදායක තෘප්තිමත් සේවාවක් ලබාදීම. ඒ සඳහා දැනට අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ අයිතිය හා පාලනය යටතේ මේ සුපිරි Q අලෙවිසැල් විස්සක් පමණ කොළඹ අවටින් ආරම්භ කළත් අනාගතයේදී නාමල් රාජපක්ෂ ඇමැතිගේ අමාත්‍යාංශයේ තිබෙන කුඩාව්‍යාපාර සංවර්ධන අංශය යටතේ ඈත එපිට ගම්මාන වලත් සිටින ප්‍රාග්ධනය අහිමි ව්‍යවසායකත්වයේ දක්ෂතා ඇති. ඒ තරුණයින්ට සාධාරණ වෙළ සමාචාර සහිතව භාණ්ඩ හා සිල්ලරට සපයන්න ඔවුන්ට අයිති කරදීමට සිදුකරන ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කරනවා. එහිදි ගමේ වෙළදාම දියුණු වෙනවා. ගමේ තරුණයෙක් හෝ කිහිප දෙනකු එකතුවෙලා හොඳ වෙළඳාමක් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ මග පෙන්වීම යටතේ සිදුකරනවා. මේ සියල්ල එකට බැඳිලා වාණිජ සංස්ථාව වටා බැඳිච්ච එකම නමක් එකම විලාසයයක් යටතේ ඒකමතික ආකාරයට රටපුරා එකම වෙළඳසැල් ක්‍රමයක් පවත්වාගෙන යන කොට වාණිජ්‍ය යේදි නම් කරන්නේ දාම වෙළඳ සැල් උපාංඟ වෙළඳසැල් නැත්නනම් ෆැන්චයිස් ෂොප් කියලා අලුත් සංකල්පයක් ශ්‍රී ලාංකේය තාරුණ්‍යට උරුම කරන්න කටයුතු කරන්න. ඒ සඳහා අපි දින කිහිපයක් තුල රාජ්‍ය වාණිජ්‍ය විවිධ නිතිගත සංස්ථාවේ සභාපති හා කාර්යමංඬලයත් එක්ව වෙහෙසක් දරනවා අපි ප්‍රථමයෙන් ලබාගෙන එය ගම්මැද්දට කාන්දු කිරීම සඳහා. ඒ උත්සහය සඳහා සහයෝගය දක්වන විවිධ අමාත්‍යාංශ , පළාත් පාලන ආයතන, දේශීය ව්‍යවසායකයින් සියලු දෙනාට අපේ ගෞරවයත් ස්තූතියත් පළකරන අතර ලෝකයේ බලසම්පන්න රටවල් ඉතිහාසයේ නොසිතු වසංගතයකට ලක්වෙලා සිටිනවා. රැකියා කළ අය ලක්ෂගණනින් රැකියා නැති ගොඩට එකතුවෙලා තියෙනවා. කර්මාන්තශාලාවෙන් ශාලාව වැසෙනවා. බැංකුවෙන් බැංකුව කඩාගෙන වැටෙනවා. රටවල්වල ගුවන් තොටුපොළවල් වැසෙනවා. වරායවල් වසාදමලා සැපයුම් ක්‍රියාදාමය සප්ලයි චේන්එක සම්පූර්ණයෙන් අඩපණ වෙලා. එවන් තත්ත්වයක් තුලදී මේ අභියෝගයට අභියෝග කරමින් යළිත් රට නැගිසිටුවීම සඳහා ජනාධිපතිගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ වැඩකරන රටක් ඇති කිරීමේදි වැඩකරන ව්‍යවසායකයින් පිරිසක් සමග අලුත් ගමනක් යන්න අපි සියලු දෙනා එක්වි වැඩකරමු. තරුණ හා ක්‍රීඩාකටයුතු ඇමැති නීතිඥ නාමල් රාජපක්ෂ මහතා........... Q ෂොප් දෙවන අලෙවිසැල විවෘත කෙරෙන අවස්ථාවට එක්වීමට ලැබීම සතුටක්. පසුගිය කාලයේදී ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡා අපි දිගින් දිගටම සාකච්ඡා කරලා එක පැත්තකින් රටට හොඳ තරුණ ව්‍යවසායකයින් ගොඩනැංවීම සඳහා සැලසුමක් සකස්කරමින් සිටින අවස්ථාවක අපි තීන්දු කළා තරුණ හා දේශිය ව්‍යාපාරිකයින්ට අතහිත දෙන වැඩපිළිවෙලක් සකස් කරන්න. එහිදි බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාම තරුණ කටයුතු අමාත්‍යාංශයත් එකතු කරගෙන Q ෂොප් සංකල්පය තුල බලාපොරොත්තු වන්නේ ඒ සඳහා අවශ්‍ය දක්ෂ තරුණ ව්‍යවසායකයෙක් හා දේශීය නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමයි. අපේ අමාත්‍යාංශය යටතේත් කුඩා ව්‍යාපාර අංශය තුල දහස් ගණනක් කුඩා ව්‍යාපාර කරන දෙමව්පියන් ඉන්නවා. ඒ වගේම තමයි මේ රටේ පාරම්පරිකව කරගෙන යන කර්මාන්ත තිබෙනවා. ව්‍යාපාර තියෙනවා. අද ඒ අයගේ වෙළඳපොළ පිළිබඳ ඔවුන්ට ගැටලුවක් තියෙනවා. ඊට විසඳුමක් දීමට තමයි Q ෂොප් එන්නේ. ඒ තුල තරුණ ව්‍යවසායකයෙක් බිහිවෙනවා. අපි විශ්වාස කරන එක තමයි ව්‍යවසකත්වය ප්‍රවර්ධනය කළ යුතුයි කියන කාරණය. එසේ වනවිට ස්ථිරසාර පරිසරයක් සමග ව්‍යවසායකයා වටේ බැඳුණු ජාලයක් එනම් එකෝ ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. එවිට තමයි Q ෂොප් සමග එක්වු ව්‍යාපාර ජාලයක් ඇතිවෙන්නේ. අද ශ්‍රී ලංකා පදනම් ආයතනය ඉදිරිපත්වි තිබෙනවා දෙවනQ ෂොප් ලෙස ජනතාවට මේ සංකල්පය ඉදිරිපත් කරන්න. මේ ආයතනය අපිත් සමග සමීපව කටයුතු කළා. මේ ආයතනය තුල කායවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා මේ අවට ඇවිදින අයට පැමිණ අවශ්‍ය ව්‍යායාම කරන්න. එමෙන්ම Q ෂොප් මගිනුත් ජනතාවට හිතැති සේවාවක් සපයමින් දේශීය භාණ්ඩ හා වසවිස නැති ආහාර මේ අවට ජීවත් ජනතාවට ලබාගැනීමටත් ව්‍යායාම කොට අවසානයේ ගෙදරයන ගමන් අවශ්‍යදේවල් මිලදි ගෙන යන සේවාවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වත්මන් සභාපතිගේ දායකත්වයෙන් ආරම්භ කර තිබෙනවා. අපි රටක් ලෙසත් ලෝකය ලෙසත් මේවනවිට විශාල අභියෝගයකට ලක්වී තිබෙන අවස්ථාවකයි සිටින්නේ. අපි දැන් බොහෝවිට කතා කරන්නේ මේ රටට නැවත විදේශ ශ්‍රමිකයින් ගෙන්වීම ගැනයි. ඒ සියලු දෙනා නොමිලේ ආණ්ඩුවේ නිරෝධායන මධ්‍යස්ථාවලට ඇතුළත්කොට රඳවා තබන්න අපි පියවර ගත්තා. මුදල් ගෙවලා තමන් කැමැති ස්ථානවල සිටීමේ හැකියාවද තිබෙනවා. මින් එහාට ගිය ගැටලුවකුත් තියෙනවා. අපි අපේ ශ්‍රමිකයින් ගෙන්වා ගන්න කතා කරනවිට අපේඅවට රටවල් ඒ අයගේ ශ්‍රමිකයින් වෙනත් රටවලට රැකියා සඳහා යැවීමට කතා කරනවා. අපි මේවා ගැන බලාගෙන සිටියොත් වසර ගණනාවක් නැවැත පස්සට යනවා. ඒ නිසා අපි තරුණ අමාත්‍යාංශය හැටියට විදේශසේවා ඇමැති සමග සාකච්ඡා කරලා තානාපතිවරුත් සමගත් ඉදිරි සතියේ සාකච්ඡා කරලා අපි බලාපොරොත්තු වෙනවා නැවැත වතාවක් විදේශ පුහුණු ශ්‍රමිකයින් ලෙස ජාත්‍යාන්තරයේ උත්පාදනය වන රැකියාවන්ට යෑමට අපේ දරුවන්ට අවස්ථාව ලබාදෙන්න අපි මැදිහත් වෙන්න. ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක කර්මාන්තශාලව බැගින් ඉදිකරන්න අපිට හැකියාව ලැබෙයි. ඇතැමුන් විමසනවා අපි තරුණ අමාත්‍යාංශය ලෙස එම කටයුතුවලට මහන්සි වෙන්නේ කියලා. එහිදි කර්මාන්ත ගෙනෙන වගකීම තිබෙන්නේ කර්මාන්ත අමාත්‍යාංශයටයි. ව්‍යවසායකයින් සෑදීමේ වගකීම තිබෙන්නේ තවත් අමාත්‍යාංශයටයි. විදේශගත කිරීම තිබෙන්නේ තවත් අමාත්‍යාංශයටයි. වෘත්තීය පුහුණුව ලබාදීමේ වගකීම තිබෙන්නේ තවත් අමාත්‍යාංශයකටයි. නමුත් තරුණ අමාත්‍යාංශයට තමයි අවසානයේ තරුණයෝ ටික ඉන්නේ. අපි මෙතෙක් කරලා තියෙනනේ වසරක් අවසානයේ ඒ ඒ අමාත්‍යාංශයන්හි දුර්වලතා වලට ඇඟලි දිගුකිරීමයි. අපි තරුණ අමාත්‍යාංශය ලෙස සෑමදාම සිදුකළේ තරුණ කඳවුරු, ක්‍රීඩා , විනෝදාත්මක වැඩසටහන් සිදුකළා මිසක් තරුණයා හෝ ක්‍රීඩකයා හදන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා අපි දැන් තීන්දු කරලා තියෙනවා. අමත්‍යාංශ අයවැයේ මුදල් ප්‍රතිපාදනවලින් 20%ක් තරුණයාගේ සහ ක්‍රීඩකයාගේ අභිවෘද්ධිය සඳහා යටිතල පහසුකම් නොවේ ඔවුන්ගේ නිපුණතාවය , ක්‍රීඩා කෞශල්‍ය පුහුණුවීම , මෘදු කුසලතාවයන් වර්ධනය කිරීම සඳහා වියදම් කිරීමට අපි තීන්දු කරලා තියෙනවා. මෙතෙක් කල් මේ කටයුතු සඳහා වෙන් කරලා තියෙනනේ 6%යි. අනෙක් සියලු මුදල් වැටුප් ගෙවිමෙන් පසු ගොඩනැඟිලි හදන්න තමයි වියදම් කරලා තියෙන්නේ. ගොඩනැඟිලි හදන්න අමාත්‍යාංශ ඕනේ තරම් තියෙනවා. තරුණයා හා ක්‍රීඩකයා හදන්න තියෙන අමාත්‍යාංශය කරන්නෙත් ගොඩනැඟලි හදන එකයි. ඒ නිසා අපි ගොඩක් වෙනස්ව හිතන්න ඕනේ. ඒ නිසා ගොඩනැඟිලි හදන එකෙන් ඈත්වෙලා වහපු ගොඩනැඟිල්ලක් හරි වැඩකට අරගෙන තරුණයා හදන තැනට අපි යනවා. ඒවා සාර්ථක කරගන්න සියලු ඇමැතිවරුන් අපිට සහයෝගය ලබාදෙනවා. බන්දුල ඇමැති සමග ව්‍යවසායකයෝ ගැන කතා කළාම සෑම ගමකටම ව්‍යවසායකයෙක් හදන්න ඕනේ කියන කාරණය අපි ප්‍රකාශ කළාම අපේ කුඩාව්‍යාපාර අංශයේ නිෂ්පාදන විකුණන්න අවශ්‍ය වෙළඳපොළක් නිර්මාණය කරන්න ඕනේ කිව්වාම ඒ මහතා අපිට Q ෂොප් සංකල්පයත් සමග අපිට අවශ්‍ය සහයෝගය ලබාදුන්නා. දැන් කොළඹ තවත් Q ෂොප් දෙකක් ආරම්භ වුණාම අපිට පුළුවන් වෙයි Q බෙදාහැරීමේ සේවයක් මේ අවට ප්‍රදේශයෙන් ආරම්භ කරන්න. තරුණ ව්‍යවසායකයින් ඕනේ තරම් සිටිනවා ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා තාක්ෂණය ලබාදුන්නාම මෙය ඉදිරියට අරගෙන යන්න. ඉන් විරැකියා ප්‍රතිශතය පහත නංවන්න හැකිවෙයි කියලා කල්පනා කරනවා. දැනටත් තරුණ විරැකියා ප්‍රතිශතය 20.2%යි. කොරෝනාවට පෙර. මේ වසංගතයෙන් පසු ගණන් කරන එක ප්‍රතිඵලයකුත් නැහැ සංචාරක ක්ෂේත්‍රයේම ලක්ෂ තිහක් පමණ රැකියා අහිමි වෙලා තියෙනවා. ඉන් භාගයක්ම වගේ සිටින්නේ තරුණ පිරිසයි. ඒ නිසා අපි ඒ සියල්ලම නැවත වතාවක් සාමාන්‍ය කරණය කිරීම කොට ඉදිරියට අරගෙන යන්න ඕනේ. ගුවන්තොටුපොළ විවෘත කරනවා වගේම සංචාරක ව්‍යාපාරය විවෘත වෙන්න ඕනේ. ඒ තුලින් තමයි අපිට ආර්ථික වර්ධනයක් කරා යන්න පුළුවන්. අපි අලුතෙන් වගේම වෙනස් විදියට හිතන්න ඕනේ. සාමාන්‍යවී රට ඉදිරියට ගෙන යන්න ඕනේ. මෙහිදි පිළිගැනීමේ කතාව ශ්‍රී ලංක පදනම් ආයතනයේ සභාපතිනි නීතිඥ චම්පිකා දිල්හාරා අමරසේකර මහත්මියද ස්තූති කතාව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා විසින්ද සිදුකළේය. මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පි. ජයවීර , වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන යනමහත්ම මහත්මීහු හා තවත් නිලධාරින් පිරිසක් එක්වූහ.
දෙවන Q -Shop වෙළදසැල පදනම් ආයතනයේදී විවෘත වෙයි
RELATED ARTICLES