21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්නෙලුම් මලක දුක ......

නෙලුම් මලක දුක ……

කළා වැවේ නිල් දියවර පෝර
පසයි
දළුලා වැඩුනු මේසරු මල් යාය
යසයි
සතර පේරුවේ මහ සිල්වතුන්
රැසයි
මේ මල් පිපෙන්නේ බුදු හිමි
අනුහසටයි

කොළු නඩයට වැටී කල පවු මහ
කන්දයි
අප්පච්චිගේ වෙර වීරිය කදුළු
ගඟයි
ඒකල පාපයේ කඳුලැලි දෙනෙත්
පුරයි
මේ මම ගෙවන්නේ ඒ පාපයෙ
සාපයමයි

බුදු පාමුල තබනට මම මල්
විකුනනවා
ඒ කාසියෙන් මගෙපැලේ බත
සරිවෙනවා
හැමදාම උදේ මා වැවු පිටියට
එනවා
මගෙ දුක අසා මේ වැව මට මල්
දෙනවා

වැවු දියත් දහදියත් හැමදා මුහු
වෙනවා
නොපිට පෙරලුනොත් මා පර ලොව
යනවා
එනමුත් නෑ බියක් දෙවියෝ මා
රැකදෙනවා
අඹු දරු රැකු මා නිවනට ගෙන
යනවා

                                       චමරි වික්‍රමසිංහ    
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments