29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බූස්ස සතොස කළමණාකරුගේ වැඩ තහනම්

බූස්ස සතොස කළමණාකරුගේ වැඩ තහනම්

බූස්ස සතොස තොග ගබඩා සංකීර්ණයට හිටි හැටියෝ ගොස් එහි කටයුතු හදිසි නිරික්ෂණයකට ලක්   කොට
ගබඩා කළමණාකරුගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පැවැත්වීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  නියම කරයි

ඒ මහතා  ඊයේ(17)  සවස බූස්ස පිහිටි සතොස තොග ගබඩා සංකිර්ණයේ මෙම හදිසි නිරීක්ෂණය සිදුකළේය.
එහිදී සාමාන්‍ය වෙළෙඳපොලේ පවතින මිළට වඩා රු.30ක් පමණ අඩුවෙන් සතොස හරහා විකිණීම සඳහා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් නිකුත් කර තිබූ ග්‍රෑම් 100 දේශීය තේ පැකට් විශාල ප්‍රමාණයක්  සතොස අලෙවිසැල් සඳහා බෙදා නොහැර රෙදි සෝදන සබන් සමඟ ගබඩා කොට තබා ඇති අයුරු විමර්ශනය කළ අමාත්‍යවරයා, පාරිභෝගිකයාට ලබා දුන් සහන මේ ආකාරයෙන් නවතා දමමින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම තොග ගබඩා කළමණාකරුගේ වැඩ තහනම් කොට මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් පවත්වා වැරදිකරුවන් සියල්ලටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන මෙන් සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා වෙත එම අවස්ථාවේදීම නියෝග කළේය.

පාරිභෝගිකයා වෙත විශ්වාසනීයත්වයකින් යුතුව හා ඉහළ ගුණත්වයෙන් යුතු භාණ්ඩ සහන මිළකට ලබා දීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවත්, තේ මණ්ඩලය වැනි දේශීය ආයතනයන් එක්ව කටයුතු කරමින් සිටින මෙවන් අවස්ථාවකදී රජයේ ආයතනයක් වශයෙන් සිය වගකීම ඉටු නොකොට සතොස ආයතනයෙන් හෝ වෙනත් රජයේ බෙදාහැරීම් ජාලයකින් හෝ, පුද්ගලික අංශයේ අධික මිළ ගණන් වලින් යුතු භාණ්ඩ බෙදාහරිමින් පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කරන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments