21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ජීවත් විය යුත්තේ කවුරුන්ද යන්න බ්‍රසීලයට තීරණ කිරීමට සිදුවේ

ජීවත් විය යුත්තේ කවුරුන්ද යන්න බ්‍රසීලයට තීරණ කිරීමට සිදුවේ

බ්‍රසීලයේ ඇමේසන් ප්‍රාන්තයන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් එහි සෞඛ්‍ය සේවාවන්ට දැඩි පිඩනයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. රෝහල් රැසක්ම මේ වන විටත් ආසාදිතයින් ගෙන් පිරීයාම ඊට මුලික හේතුව වී තිබෙනවා.

මිට දින කිහිපයකට පෙර ජපානයේ සංචාරයකට ගොස් සිටි බ්‍රසීලයේ ඇමේසන් ප්‍රාන්තයේ ජිවත්වන සංචාරකයින් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය වීමෙන් පසු සිදුකල වෛරස් ජාන පරීක්ෂණයකින් නව කොවිඩ් ප්‍රභේදයක් අනාවරණය කර ගැනීමට හැකිවූ බව ජපාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියා.

මෙම වෛරස් ප්‍රභේදය වේගවත් සම්ප්‍රේෂණ අගයක් පෙන්නුම් කරන කොවිඩ් ප්‍රභේදයක් බවයි අනාවරණය වී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ප‍රිදි කොවිඩ් ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් රෝහල්වල ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගෙන් ජිවත්විය යුත්තේ කවුරුන්ද නැද්ද යන තීරණය වෛද්‍යවරුන්ට ගැනීමට සිදුව ඇති තත්ත්වයක් උද්ගතවී තිබෙන බවයි.

බ්‍රසීලයේ, ඇමේසන් ප්‍රාන්තයේ පිහිටි මනාවුස් නම් දිස්ත්‍රික්කය තුල නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසා මනාවුස් දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ලවූ අතර වෛරසය ආසාදිත වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා අසල්වැසි දිස්ත්‍රික්ක වල පිහිටි රෝහල් කරා ගුවන් මගින් යැවීමට එරට රජය පියවර ගෙන ඇත්තේ රෝහල් වල ඇතිවී තිබෙන දැඩි තදබදය හේතුවෙන්ය.

මේ වන විට බ්‍රිතාන්‍යයෙන්, බ්‍රසීලයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන නව කොවිඩ් ප්‍රභේදයන් වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

බ්‍රසීලයෙන් වාර්තා වන නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට සොයා ගෙන ඇති කොවිඩ් එන්නත් මගින් පාලනය කිරිම අපහසු වෙනු ඇති බවයි ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරන විද්‍යාඥයින් මතපල කර සිටින්නේ.

මේ වන විට බ්‍රසීලයේ ඇමේසන් නව කොවිඩ් ප්‍රභේදය ජපානයට සහ බ්‍රිතානයෙන් වාර්තා වන බවට එම රටවල් වල සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කර සිටියා.

නව වෛරස් ප්‍රභේදය සමග ගතවූ පැය 24ක කාලය තුලදී බ්‍රසීලයෙන් කොවිඩ් ආසාදිතයින් 68,656ක් සහ මරණ 1,151ක් වාර්තා වී ඇත. පසුගිය සතියක කාලය තුලදී බ්‍රසීලයෙන් නව කොවිඩ් ආසාදිතයින් 360,000ක් පමණ වාර්තා වී ඇති බවයි දත්ත වාර්තා පෙන්නුම් කරන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments