22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPපිටකොටුවේ සහල් සඟවාගෙන තිබුණු ස්ථානයක් වටලයි.

පිටකොටුවේ සහල් සඟවාගෙන තිබුණු ස්ථානයක් වටලයි.

වැඩි මිලට අලෙවිකිරීමට සහල් සඟවා තබාගත් වෙළෙන්ඳකු පිටකොටුවෙන් අල්ලයි

තෝරාගත් පාරිභෝගිකයින්ට වැඩි මිලට අලෙවිකිරීම සඳහා කොළඹ 12 ප්‍රදේශයේ ගබඩාවක සඟවාගන තිබු කීරි සම්බා සහල් තොගයක් සම්බන්ධ වැටලීමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරී අද (15) සිදුකළහ.

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සිදුකරනූ ලැබු අදාල වැටලීමේදී, එම ගබඩාව පිටකොටුව වේල්ල වීදිය ප්‍රදේශයේ වෙළෙඳසැලකට අයත් බව අනාවරණය වී ඇති අතර එහිදී සඟවාගෙන තිබු කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 950 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් තම භාරයට ගෙන ඇත. ඒ අනුව අදාල ව්‍යාපාරිකයා සහ භාණ්ඩ ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත අනුව, භාණ්ඩ තම සන්තකයේ තබාගන නොමැති බව ප්‍රකාශකිරීම වරදක් වන අතර එවැනි වරදක් සම්බන්ධව නඩු පැවරීමකදී වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ මාස 6 ක සිර දඬුවම් හෝ අදාල දඩ මුදල සහ සිර දඬුවම යන දෙකම නියමකිරීමටද පනත යටතේ ගරු අධිකරණයට හැකිය. එමෙන්ම මෙම වරද සම්බන්ධව සහල් තොගය රාජසන්තක කිරීමටද හැකිය.

වෙළෙඳ‌පොළ සැපයුමට බාධාවන පරිදි සහල් සඟවාගන තබාගැනීම සහ වැඩි මිලට අලෙවිකිරීම සිදු නොකරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳුන් දැනුවත්කරන අතර වැඩි මිලට අලවිකිරීම සහ සගවාතැබීම සම්බන්ධව වෙළදසැල් සහ ගබඩාකර ඇති ස්ථාන වැටලීම් සහ පරික්ෂාකිරීම් තවදුරටත් අඛණ්ඩවම දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙසත් එම වෙළඳුන් සම්බන්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන් දැනුවත්කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments