29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නිරෝගි ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට මැතිවරණ කොමිසමෙන් පියවර

නිරෝගි ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට මැතිවරණ කොමිසමෙන් පියවර

මැතිවරණ නීතිය සවිමත් කොට නිරෝගි ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා ක්‍රියා කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගනිමින් සිටින බව එහි වත්මන් සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි. 

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ(19) මාධ්‍ය වේදීන් අමතමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද කීය.......... ඒ අනුව අවශ්‍ය යෝජනා සකස් කොට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට හා පත් කර තිබෙන ව්‍යවස්ථා කමිටුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය උපමාන පිළිබඳ තිබෙන ගැටලු සහගත තැන් සාකච්ඡා කොට නිවැරැදි කරමින් කොමිසමේ කාර්යන් පිළිබඳ පොදු ජනතාව දැනුවත් කිරීම සිදුකළ යුතු අතර එහිදි මැතිවරණ නීතිරීති සකස් කර ගැනීමට දේශපාලන පක්ෂ, අදාල විද්වතුන්, සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන්ගේ සහයෝගය ලබාගැනීමට ක්‍රියා කරනවා. 

මේ දිනවල ඡන්දහිමි නාම ලේඛනය ප්‍රතිශෝධනය කරන අතර එහිදි දේපොළ අයිතියට වඩා පුරවැසිය අයිතිය ගැන අපි ප්‍රමුඛත්වය ලබාදෙනවා. ඒ අනුව පුද්ගලයෙකුට එදිනෙදා කටයුතු කරමින් ජීවත්වන ප්‍රදේශයේදි තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතුයි. කෙනෙකුගේ ඉඩම් තිබුණුයි කියලා ඡන්ද අයිතිය ලැබෙන්නේ නැහැ. ඒ අය එදිනෙදා කටයුතු කරමින් ජීවත්වෙන ප්‍රදේශයේ තමයි සිය ඡන්දය භාවිතා කළ යුත්තේ උතුරේ මන්නාරම හා පුත්තලම ප්‍රදේශවල ඇතිව තත්ත්වයට මේ නීතියම තමයි  බලපාන්නේ. ලබන අප්‍රේල් (30) පමණ විට මෙම ඡන්දහිමිනාම ලේඛන සකස් කිරීම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. 

පළාත් සභා මේවනවිට මහජන නියෝජිතයින් නැතිව නිලධාරින් මෙහෙයවනවා.  කුමන ආකාරයේ මත සමාජයේ තිබුණත් පළාත්සභා අපේ රටේ පැවතුණු දෙයක් ඒ නිසා   කුඩා සංශෝධනයක් හෝ කොට පැරැණි ආකාරයට හරි මැතිවරණය පැවැත්වීම වැදගත්. මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනවල නම්  ගැටලුවක් නැහැ. අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගත හැකියි. අයවැයෙනුත් මුදල් වෙන්කර තිබෙනවා. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments