29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග දහයක් සඳහා මිළ ස්ථාවර ව්‍යාපෘතියක්

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග දහයක් සඳහා මිළ ස්ථාවර ව්‍යාපෘතියක්

ඉදිරි මාස 06ක් තුළ රජයේ මැදිහත් වීමෙන් යුතුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග දහයක් සඳහා මිළ ස්ථාවර අලෙවිකරන ව්‍යාපෘති ක්‍රියාත්මක වන  බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. 

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19)  එම භාණ්ඩ මිල ස්ථාවරව අලෙවි  කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යාංශයේදි පැවැති අවස්ථාවේදීය.  

මෙහිදි වැඩිදුරටත්  අදහස් දැක්වු  අමාත්‍යවරයා මෙසේද කීය....... පුවත්පත් දැන්වීමේ පරිදි, ඍජු ආනයනකරුවන් හා නිෂ්පාදනකරුවන් ඉදිරි සය මස සඳහා සිය නිෂ්පාදනයන් හා ආනයනිත භාණ්ඩ සතොස, සමූපකාර හා Q-shop අලෙවිසැල් සඳහා ස්ථාවර මිළකට ලබා දීමට සිය අභිප්‍රාය පළ කිරීමෙන් පසුව තෝරා ගනු ලබන පිරිසගෙන් ස්ථාවර මිළ ගණන් යටතේ ලබා ගැනෙන භාණ්ඩ පාරිභෝගිකයා වෙත සහන මිළට ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳව වෙළෙඳ අමාත්‍යාංශයේ වගකීම ඉටු කිරීම සඳහා සියලුම නිලධාරීන් කටයුතු කළ යුතු බවයි. 

පෙබරවාරි මස සිට ඉදිරි සය මසක් සඳහා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග දහයක මිළ ස්ථාවර කිරීම සම්බන්ධයෙන් අභිප්‍රාය කැඳවීමේ පුවත්පත් දැන්වීම සඳහා ප්‍රතිචාර දක්වන පිරිසගෙන් ලැබෙන එම අභිප්‍රායයන් අතුරින් වෙළෙඳ අමාත්‍යාංශය හා රජයේ පිළිවෙතට ගැලපෙන අභිප්‍රායයන් සලකා බලා කඩිනමින් එම කටයුතු සම්බන්ධයෙන් තීරණ ගනු ලැබෙන බවත් ඒ අනුව සියළු නිෂ්පාදනකරුවන් හා ඍජු ආනයනකරුවන් සඳහා ගෙවීම් කටයුතු හා ඉදිරි මිළ ගණන් තීරණය කරනු ලබන අයුරු සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීමටද අමාත්‍යවරයා විසින් මෙහිදී අමාත්‍යාංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටි නිෂ්පාදනකරුවන් හා ඍජු ආනයනකරුවන් ප්‍රකාශ කළේ තමන් විසින් මේ වන විටද අභිප්‍රායයන් ප්‍රකාශ කිරීම සිදු කොට ඇති බවත් මේ සම්බන්ධව පැවැත්වෙන ඉදිරි සාකච්ඡාවේදී යම් සංශෝධනයක් සිදු කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව ද ධනාත්මකව සලකා බැලීමට තමන් එකඟ වන බවය. 

මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය හා ආයතන ප්‍රධානීන් පිරිසක් ද දේශීය නිෂ්පාදනකරුවන් හා ඍජු ආනයනකරුවන් පිරිසක්ද එක්ව සිටියහ.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments