21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ජෝ බයිඩන් අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

ජෝ බයිඩන් අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

ඩිමොක්‍රටික් පක්ෂයෙන් මෙවර අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ජෝ බයිඩන් අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ.

මේ ඔහු පිළිබඳ තොරතුරු බිඳකි.

1942 වසරේදී උපත ලබා ඇති බයිඩන් ගේ උපන් ප්‍රදේශය වන්නේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ස්ක්‍රන්ටෝන් නම් නගරයි.

ඔහුගේ මව ජේන් නම් වූ අතර පියා ජෝෂප් වේ. ඔහු පාවිච්චි කළ මෝටර් රථ අලෙවිකරුවෙක් වූ අතර ඔහුගේ ආදායම නිතර වෙනස් වූ බව සඳහන් වේ.

එම පවුලේ දරුවන් අතුරින් වැඩිමලා වුයේ ජෝ බයිඩන් ය. ඔවුන් පාරම්පරික අයිරිෂ් කතෝලික පවුලකි.

මූල්‍ය අපහසුතා හේතුවෙන් බයිඩන් සිය කුඩා කාලය ගතකර ඇත්තේ ඔහුගේ මවගේ දෙමව්පියන් සමග ය.

“මගේ තාත්තා සැමවිටම කිව්වේ, “ශූරයා, බිමට වැටෙන්න පහරක් වැදුනොත්, ඔබ නැවත තරඟයට පිවිසිය යුතුයි කියලා,” බයිඩන් පැවසීය.    

ඔහු පාසලේදී වඩාත් දස්කම් පෑවේ අධ්‍යාපනයට නොව ක්‍රීඩාවට ය. ඔහු අමෙරිකානු පාපන්දු සහ බේස්බෝල් ක්‍රීඩාවලින් දස්කම් දැක්වීය.

ඔහු 1965දී විශ්වවිද්‍යාල අධ්‍යාපන නිම කළේය.

නීති විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසු බයිඩන් විල්මින්ටන්, ඩෙලවෙයා ප්‍රදේශයට ගොස් තිබේ. ඒ, නීතිඥයෙකු ලෙස තම වෘත්තීය ඇරඹීමට ය.  

ඔහු 1966 සිය පළමු බිරිඳ වූ නීලියා හන්ටර් සමග විවාහ විය.

ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙක් – බියෝ සහ රොබර්ට් – සහ නයෝමි නමින් දියණියක් ලැබුණි.

බයිඩන් ප්‍රථම වරට සෙනෙට් මණ්ඩලයට තේරී පත්වී ඇත්තේ 1972 දීය. නමුත් ඊට මාස කිහිපයකට පසු ඔහුට සිය බිරිඳ සහ එවකට අවුරුදු එකක් වූ දියණිය ද මෝටර් රථ අනතුරකින් අහිමි විණි.

එම අනතුරෙන් පුතුන් දෙදෙනා තුවාල ලැබුවද ඔවුන් බේරී තිබුණි.

2015 වසරේදී, බියෝ මොළයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් මිය ගියේය. ඒ වනවිට ඔහුද දේශපාලනයට එක් වී සිටියේය.

46 හැවිරිදි වියේ පසුවූ තම පුතුගේ මරණය හේතුවෙන් බයිඩන් 2016 දී අමෙරිකානු ජනපති සටනට එක්වූයේ නැත.

බාල පුතු හන්ටර් ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකි.

තම පළමු බිරිඳ මියයෑමෙන් අනතුරුව බයිඩන් 1977 දී ජිල් ජැකොබ්ස් හා විවාහ විය. ඔවුන්ට ඈෂ්ලි නමින් දියණියක් සිටී.

1987 වසරේදී සහ 2008 වසරේදී ද ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට ඔහු උත්සාහ දැරුව ද එම ප්‍රයත්නයන් නිෂ්ඵල විය.

මේ අතර හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 20 වනදා උදෑසන ධවල මන්දීරයෙන් පිටව ගිය බව විදෙස් මාධ්‍ය පවසයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මිලෙනියා ට්‍රම්ප් “Air Force One” ගුවන්යානයෙන් මේරිලන්ඩ් සිට ෆ්ලොරිඩා දක්වා යාමට නියමිතව තිබුණි.

ඔවුන් “Palm Beach” හි පිහිටි ට්‍රම්ප් ට අයත් “Mar-A- Logo” ගොල්ෆ් සමාජ පරිශ්‍රයට යන බව විදෙස් මාධ්‍ය පැවසීය.

අමෙරිකානු ව්‍යවස්ථාවට අනුව ඔහුගේ ජනාධිපති ධූරකාලය නිල වශයෙන් ග්‍රිනීච් මධ්‍ය වේලාවෙන් 17:00 පැයට නිමවිය. ඉන් අනතුරුව ජෝ බයිඩන් ජනාධිපති ලෙස දිවුරුම් දුනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments