Home දේශීය පුවත් උතුරු නැගෙනහිර පළාත් සභා අහෝසි කිරීම දෙමළ ජනයා සියදිවි නසා ගැනීමකට සමානයි

උතුරු නැගෙනහිර පළාත් සභා අහෝසි කිරීම දෙමළ ජනයා සියදිවි නසා ගැනීමකට සමානයි

0
15

දිවයිනේ සෙසු පළාත් සභා හත අහෝසි කිරීම ගැන කිසිදු ගැටලුවක් නැති බවත්, උතුරු නැගෙනහිර පළාත් සභා අහෝසි කිරීම යනු දෙමළ ජනතාව දිවිනසා ගැනීමකට සමාන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පැවසීය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉන්දීයාවේ මැදිහත්වීමෙන් ගෙනආවේ උතුරු නැගෙනිර ජාතික ප්‍රශ්නයට විකල්පයක් වශයෙන් බවත්, එම පළාත් පාලන ෆෙඩරල් දේශපාලන විසඳුමක් ගෙන ඒමට ඉන්දීය රජය මැදිහත්වී කටයුතු කළ යුතු බවත් ඒ මහතා කීවේය.

ශ්‍ර්‍රී ලංකාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මකවීම සහ ඊට ඉන්දීය දායකත්ව ලබාදීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ නියෝජ්‍ය නායිකා මානිතී ශ්‍රීනිවාසන්, විදේශ කටයුතු පිළිබඳ (විශ්‍රාමික) ඉන්දියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන නඩරාජන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයකදී මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කර තිබේ.

මෙකී සංවාදය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විග්නේෂ්වරන් මන්ත්‍රීවරය සඳහන් කළේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තමාගේ අත්දීක්ම් හා යෝජනා එහිදී ඉදිරිපත් කළ බවයි.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here