වසර 2025 වන විට පානීය ජල අවශ්‍යතාවය ඇති සියළුම පවුල් ඒකක සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ සදහා අපට තවත් අලුතින් කිලෝමීටර් 40000 ක පමණ ජල නල එළිය යුතුයි. ඒ සඳහා වන නව ව්‍යාපෘතීන් අප විසින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා මින් ඉදිරියට දේශීය කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කර ගැනීමට අප විසින් කටයුතු කරන අතර ඔවුන් සඳහා අදාල ව්‍යාපෘති සම්බන්ධ කොන්ත්‍රාත් පිරිනැමීම ආරම්භ කර ඇතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා
අපගේ අමාත්‍යාංශයේ ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරුන්, විද්වතුන් මාස ගණනාවක් තිස්සේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ නව තාක්ෂණික හා ගුණාත්මක භාවයෙන් යුතු විධිමත් සැලසුමක් සකස් කර තිබෙනවා. එම ප්‍රායෝගික හා විද්‍යාත්මක සැලැස්මට අනුව අපට වර්ෂ 2025 වන විට රටේ පානීය ජල අවශ්‍යතාවය අනිවාර්යයෙන් සම්පූර්ණ කරගැනීමට හැකියාව ලැබෙනවා. මෙහිදී දැනට ක්‍රියාත්මක ජල ජලසම්පාදන යෝජනාක්‍රමයන්ට අමතරව අලුතින් කිලෝමීටර් 40000 ක පමණ ජල නල එලීමට සිදු වෙනවා.
මෙම ජල නල එළිම සහ පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අපගේ දේශීය කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධ කර ගැනීමට අපි සියලු කටයුතු සිදු කර තිබෙනවා. අවම වශයෙන් එක්වර කිලෝ මීටර් දසදහසක නල එලීමකට කොන්ත්‍රාත්කරුවන් තුන්සියයක් පමණ සම්බන්ධ කර ගැනීමයි අපගේ වැඩපිළිවෙල මේ යටතේ එක් කොන්ත්‍රාත්කරුවෙකුට කිලෝමීටර් 30 බැගින් ලබා දීම තුළින් එක්වර කිලෝ මීටර් 10000 ඉලක්කයට යෑම අසීරු කරුණක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යතුමා ග්‍රාමීය මට්ටමෙන් ගම්වල සිටින සාමාන්‍ය කුඩා කොන්ත්‍රාත්කරුවන්ටද මේ සදහා සම්බන්ධ වීමේ හැකියාව ලැබෙන අතර ඒ තුළින් එම මුදල් ගමට ගලා යෑමද සිදු වෙනවා. ගමට ජලය ලැබෙන ගමන්ම ගමේ ආර්ථිකය ඉහළ නැංවීමත් අපගේ මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද අමාත්‍යතුමා කියා සිටියේය.
මේ අනුව මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන දැවැන්ත මුදල ලංකාව තුළම තිබෙන අතර අපගේ දේශීය කොන්ත්‍රාත්කරුවන් අතරේ අතර එම මුදල බෙදී යන බව ද පැහැදිලි කළේය. පසුගිය වසර කිහිපය තුළ විදේශීය කොන්ත්‍රාත් සමාගම් මගින් සිදුකළ ව්‍යාපෘතීන් හා සංසන්දනය කිරීමේදී දේශීය ව්‍යාපාරීකයින් හවුල් කර ගැනීමෙන් එම මුදල 50% කින් පමණ අඩුවන බවද පෙන්වා දුන්නේය.
අපගේ ඉංජිනේරුවන්ගේ දක්ෂ සැලසුම් වලට අනුව ජල නල එලීම තෝරාගනු ලබන ජලනල ආදිය සඳහා පිළිගත් ස්ථාවර මිලක් හඳුන්වාදීම තුළින් මේ සඳහා පිළිගත් ඕනෑම කොන්ත්‍රාත්කරුවෙකුට සම්බන්ධවිමේ හැකියාව ලැබීම විශේෂත්වයක් වන බවද වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.