මියන්මාරයේ මැතිවරණයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමය බැහැර කිරීම පිළිබඳ ශ්‍රි ලංකා මැතිවරණ කොමිෂන් සභාව බලවත් කණස්සල්ල ප්‍රකාශ කර සිටියි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මෙසේ කරුණු දක්වා සිටියි. මැතිවරණ ක්‍රියාදාමය භාරව සිටින මියන්මාර මැතිවරණ කොමිසමේ සභාපති වු ලා තෙයින්(u hla thein)මහතා ඇතුළු නිලධාරින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ අප බලවත් කම්පනයට පත්ව සිටින අතර මැතිවරණ කොමිසමේ නිලධාරින් සිදුකරන ලබන්නේ ඔවුනට නීතිය මගින් පැවරී ඇති නීත්‍යානුකූල කාර්යයක් වන හෙයින් එම රාජකාරි කාර්ය ඉටුකිරීම හේතුකොට ගෙන ඔවුනට සිරගත වීමට සිදුවීම ශෝචනීයවේ. මියන්මාර් මැතිවරණ කොමිසමේ නිලධාරින් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමයට බරපතල අගතියක් හා හානියක් ලෙස සළකල ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව ඔවුන් නිදහස් කිරීමට ක්‍රියාකරන ලෙස අදාළ බලධාරින් වෙතින් ඉල්ලා සිටිමින් මියන්මාර මැතිවරණ කොමිසමේ නිලධාරින් නිදහස් කර ගැනීමට හැකි උපරිම බලපෑම් කරනු ලබන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු බලවේගවලින් ඉල්ලා සිටියි.
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමය බැහැර කිරීම පිළිබඳ ශ්‍රි ලංකා මැතිවරණ කොමිෂන් සභාව කණස්සල්ල ප්‍රකාශ කරයි
RELATED ARTICLES