28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍යතුමාට...

ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි

ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතරු වාර්තාව එම කමිටු සාමාජිකයන් විසින් විජේරාම පිහිටි නිල නිවසේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ 2021.02.03 පස්වරුවේ භාර දෙන ලදී.

මෙම අතරු වාර්තාව අනුව ඉදිරිපත් කරන යෝජිත ක්‍රමවේදය මහජන අදහස් ලබා ගැනීම සඳහා ලබන 08 වැනිදා පුවත්පත්වල ප්‍රසිද්ධ කිරීමට නියමිතය.

ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ඉල්ලීම පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකාවේ ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්තේය.

ඒ අනුව ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හඳුනාගැනීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ප්‍රවීණයන් 16 දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කෙරිණි.

අදාළ කමිටුව මහාචාර්ය ඉඳුරගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය මාලනී ඇදගම, මහාචාර්ය රෝහණ පී මහාලියනආරච්චි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය යසාංජලී ජයතිලක, මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය මංගල කටුගම්පොළ, ආචාර්ය ජානකී ජයවර්ධන, ආචාර්ය ටී.සනතානන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.ඒ.එම් යසීර්, ජනශ්‍රැති විචාරක මහින්ද කුමාර දළුපොත, ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු අමාත්‍යංශයේ ලේකම්, පුරාවිද්‍යා, ජාතික ලේඛනාරක්ෂක, කෞතුකාගාර දෙපාර්තමේන්තුවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් සමන්විත වේ.

මෙම අතුරු වාර්තාව භාර දීමේ අවස්ථාවට ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඇතුළු කමිටු සමාජිකයන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments