24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත්වීමට දේශපාලකයින් වගකිය යුතුයි

රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත්වීමට දේශපාලකයින් වගකිය යුතුයි

නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් වගකිව යුතුබව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රට තුළ පවතින ගැටළු විසඳා ගැනීමට රටේ සෑම පාර්ශ්වයක්ම එක්ව කටයුතු කළයුතු බවය.

73වන නිදහස් දිනය වෙනුවෙන් කතෝලික දේව මෙහෙය අද (04) පැවැත්වුණේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී ය.

එම දේව මෙහෙයට සහභාගී වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව කියා සිටියේ ය.

"රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට බැහැ අපට. පසුගිය වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවල්වල ණය කාරයෙක් බවට පත්කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රටේ නායකයෝ ගමන්කළ වැරැදි මාර්ග නිසයි. ඒ වගේම මේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා. එක එක භාෂා කථාකරන අයට වෙන වෙනම කොටස් තියෙනවා. මේ රට ජාතිය, ආගම, භාෂාව යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇතිකළේ අපේම නායකයෝයි."
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments