රුපියල් මිලියන 23කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය කඩෙයිකාඩුහීදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කඩෙයිකාඩු අලියාවේලි කලපුව අසල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසිතුනකට (23) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ එකසිය දෙකයි (102) ග්‍රෑම් තුන්සිය පනහක (350) පමණ තොගයක් (තෙත බර සහිත) 2025 අගෝස්තු මස 04 වැනි දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනී නාවික ස්ථානගතකිරීම මඟින් යාපනය කඩෙයිකාඩු අලියාවේලි කලපුව අසල ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ ලඳු කැලෑවක් තුල තිබූ සැකකටයුතු උර දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, එම උර තුළ අසුරා තිබූ කේරළ කංසා කිලෝ එකසිය දෙකයි (102) ග්‍රෑම් තුන්සිය පනහක (350) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ කංසා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන විසිතුනකට (23) අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම කේරළ කංසා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනී පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.