පෙරහැර නැරඹීමට පැමිණෙන්න ජනතාවට පෙරහැර කමිටුව ආරාධනා කරයි.
අනුර ප්‍රේමලාල්
මේ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු සංවිධානය කෙරෙන අතර පෙරහැර නරඹන්න පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව හා පහසුකම් පිළිබඳ (06) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්විණී. ඒ සඳහා අචාර්ය බොරලැස්ගමුවේ ප්‍රේමරතන හිමියෝ, බෙල්ලන්විල විහාරාධිකාරි,ශාස්ත්‍රපති සංඝරතනි හිමියෝ සහභාගිවූහ.
කේසරලාල් ගුණසේකරපෙරහැර කමිටු ප්‍රධානියකු ලෙස අදහස් දක්වමින් රන්සිරි,මල්පෙරහැර හා අවසන් රන්දෝලි මහා පෙරහැර පැවැත්වෙනවා. රන්සිරි පෙරහැර නැඟෙනහිර වහල්කඩින් පිටත්වෙලා සෝමරතන මාවත ඔස්සේ යළි විහාරයට පැමිණෙනවා අවසන් මහා රන්දෝලි පෙරහැර නැඟෙනහිර වහල්කඩින් පිටවෙලා දෙහිවල බොරලැස්ගමුව මාර්ගයට පිවිසිලා බෙල්ලන්තොට මංසන්දියෙන් කිංස් වටරවුම දක්වා ගමන්කොට අනතුරුව පැපිලියාන පාර ඔස්සේ නැවතත් විහාර මාවතට අවතීරණයවී ගමන් කොට නැඟෙනහිර වහල්කඩින් විහාරයට පැමිණෙනවා. මේ වසරේ අලි ඇතුන් සොයා ගැනීම දුෂ්කර ක්‍රියාවක් බැවින් අලි ඇතුන් විසිහතර දෙනකුවත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. නර්තන කණ්ඩායම් පනහක් පමණ දැනටමත් ගිවිසුම් ගතවි සිටිනවා. සම්ප්‍රදායට හානි නොවන වර්තමානයට ගැලපෙන අනුමතවු නව නිර්මාණ බොහෝමයක් තිබෙනවා.
පෙරහැර කමිටුව වෙනුවෙන් අදහස් දැක්වූ අජිත් නාරගල මහතා…..ආරක්ෂාව ගැන සිහිපත් කරනවිට ආරක්ෂක ලේකම් ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ඒ අංශ ප්‍රධානින් සහයෝගය දෙන්න පොරොන්දුවුණා අපි වෙනවාරවලට වඩා වැඩි ආරක්ෂාවක් ඉල්ලා සිටි අතර ඊට ඒ අය අනුකූලතාවය දැක්වූවා. මේ සඳහා පෙරහැරකමිටුව,දායක සභාව, පොලිසිය හා ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සුවිශේෂි සාකච්ඡාවක් මේ සඳහා පැවැත්වූවා. එහිදි විවිධ එකඟතා ඇති කරගත්තා. මාර්ග අවහිර නොවන පරිදි පෙරහැර පවත්වන්න. වසර හැත්තෑ ගණනක අත්දැකීම් මත මේ පෙරහැර බලන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම පෙරහැර නරඹන්න එනවා. මේකඋ ජාතික කර්යයක්. අනෙක් පෙරහැර සසඳා බලනවිට බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ උඩරට පහතරට සබරගමු හා ජන නැටුම් ඇතුළු සියලු නර්තන අංඟ ඇතුළත් පෙරහැර මංගල්‍යක් ලෙස තමයි බෙල්ලන්වි පෙරහැර මංගල්‍යය හඳුන්වන්න පුළුවන් වන්නේ. ආසියානු සංස්කෘතික අංඟද ඇතුළත් නර්තන අංඟද එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ හාමුදුරුවෝ පැවැසු පරිදි ආගමික සම්ප්‍රදායන් බැඳුණු අංඟ සමග බෙල්ලන්වි පෙරහැර අංඟ ඉදිරියට යන බව ඒක ඇත්ත. බෙල්ලන්විල පෙරහැරේ සුවිශේෂි තත්ත්වය වන්නේ පෙරහැර සම්ප්‍රදායම නොව පන්සලේ තිබෙන ආගමික වත් පිළිවෙත් සමග බද්ධවු පෙරහැරක් තමයි මෙය සිදුවෙන්නේ. එහිදි සතිපිරිත් සජ්ජායනය, කප්සිටුවීම, ධර්මානුශාසනා, පෙරහැර අලංකාර වගේම පෙරහැර සමයක් ලෙස මෙය හැඳින්වෙනවා.
මාධ්‍ය කටයුතු භාර කමිටු ප්‍රධානි ආරිය රූබසිංහ මහතා….. පොලිසියත් සමග පැවැති සාකච්ඡාවේදී ආරක්ෂක කටයුතු රථවාහන හැසිරවීම හා මාර්ග වැසීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල සකස් කෙරුණු අතර එහිදි දායක සභාවේ සහයෝගයද ලබාගැනීමට තීරණය කළා. විශේෂයෙන් නුගේගොඩ රත්මලාන මාර්ගය පැපිලියාන මංසන්දියෙන් වසා තබන බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. මහරගම ප්‍රදේශයේ ගමන් කරන මාර්ගයේ තිබෙන පාලම අසල තිබෙන ස්ථාන වාහන නැවැත්වීමේ පහසුකම් ලබාගත හැකියි.