23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරයි

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරයි

අතිගරු ජනාධිපතිතුමා විසින් ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ලබාදීම හා මුලික සාකච්ඡාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ (2021.02.05) අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විණි.එම කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා පත් කර ඇති අතර, එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු දිස්ත්‍රික් ලේකම්වරයෙකු වන සුනිල් කන්නන්ගර මහතා පත් කර තිබේ.

සෙසු සාමාජිකයින් ලෙස මහාචාර්ය ඒ.එල්.සුසිරිත් මෙන්ඩිස්, මහාචාර්ය රිස්වි හසන් ,මහාචාර්ය එම්.එම්.ඒ.ඩී.එස්.ජේ.නිරිඇල්ල ,ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ, නීතිඥ ජනක රණතුංග, නීතිඥ සුගන්ති විජයසුරිය කදිගාමර් ,මනෝ සේකරම්, නීතිඥ ගයන්ති ගීතාංජලී සුමිත්‍රාරච්චි දිසානායක, අප්සාල් මරික්කාර් හා සෙන්දිල් තොණ්ඩමාන් යන මහත්ම මහත්මීන් පත් කර තිබේ.

එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සදහන් කළේ මෙරට ජාතික සංහිදියාව ඇති කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි.විවිධ ජන වර්ග ජාතීන් හා ආගම් අතර සංහිදියාව සමගිය සංවර්ධනයේදී අතිශය වැදගත් වන බවත්, ජාතික සමගිය හා සංහිදියාවෙන් තොරව සංවර්ධනය ඉලක්ක කරා යාම පහසු නොවන බවත්, ජාතික සමගිය හා සංහිදියාව කාර්යාංශයේ නව සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඒ සදහා සිය උපරීම දායකත්වය ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, සදහන් කළේය.

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  ලෙස නීතිඥ තුෂාරී සුරියාආරච්චි මහත්මිය පත් කර ඇති අතර නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය එළඹෙන සතියේදී රාජගිරියේ පිහිටි කාර්යාලයේදී සිය ධුරාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments