22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අපේ උරුමයවිනාශ මුඛයේ ඇති හිඳගල ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කරන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

විනාශ මුඛයේ ඇති හිඳගල ලෙන් විහාරය ප්‍රතිසංස්කරණය කරන්න අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

අනුරාධපුර, ගම්පොළ, මහනුවර හා කොළඹ යන යුග හතරට අයත් සිතුවම්වලින් සමන්විත ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය වහාම ප්‍රතිසංස්කරණය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරය විනාශ මුඛයේ පවතින බවට පසුගිය දා ජාතික පුවත්පතක පළ වී තිබූ පුවතක් සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.

ඵෙතිහාසික හිඳගල ලෙන් විහාරයේ සිතුවම් ඇදි ස්ථාන බොහොමයක් අද වන විට විනාශ වෙමින් පවතින බවත්, ඒ් පිළිබඳව වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් සඳහන් කරමින් විහාරයේ භාරකාර ධූරය හොබවනු ලබන ඇඹිල්මීගම ධම්මකිත්ති හිමියන් අදාළ පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

ඵෙතිහාසික වටිනාකමකින් යුත් මෙම ලෙන් විහාරය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පිළියම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ උපදෙස් පරිදි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් ආරම්භ වනු ඇත.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්  හිඳගල ලෙන් විහාරයට ගොස් දැනටමත් ලබා දී ඇති නිර්දේශ අනුව මෙම ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments