26.8 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්වසරකට මිලියන 1000 ක් ඇමති රණවීර ඉතිරි කරයි

වසරකට මිලියන 1000 ක් ඇමති රණවීර ඉතිරි කරයි

අලිමිනිස් ගැටුම හේතුවෙන් ඉදිකරන විදුලි වැට සඳහා උපයෝගි කරගන්නා පරිවාරක(Insulator)මේ රටේම නිෂ්පාදනය කිරීමට හැකිවීමෙන් වසරකට විදේශයට යන අපේ රුපියල් මිලියන 1000ට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව  වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශ කරයි. 


 ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (11) විදුලි අලි වැට ඉදිකිරීමේදී යොදා ගැනෙන පරිවාරක(Insulator), වනජීවී රැකවරණ සහ වන සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීම සදහා වු අවබෝධතා  ගිවිසුමට අත්සන් තැබීම  ඉකුත්(11)  බත්තරමුල්ල, සොබාදම් පියසේදී පැවැති අවස්ථාවට එක්වෙමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය........මේ පරිවාරක අපි මෙතෙක් කල් නවසීලන්තය ඇතුලු විදෙස් රට වලින් ආනයනය කරේ. මේ භාණ්ඩ අපේ රටේ කර්මාන්ත කරුවන් විසින් නිෂ්පාදනය කරලා, ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයට ඉදිරිපත් කලා, එම ආයතනයෙන් ප්‍රමිති සහතිකය අපි ලබා ගත්තා.  පිටරටින් ආනයනය කරන පරිවාරකයට වඩා ශක්තිමත් පරිවාරකයක් බව ඔවුන් තහවුරු කරලා තියෙනවා.

මම අනෙකුත් ආයතන වලටත් කියන්නේ පිටරටින් ආනයනය කරන දේවල් අපේ රටේ නිෂ්පාදනය කරලා දේශීය ආර්ථිකය නඟාසිටුවීමට වැඩකටයුතු කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කෙරෙන වැඩ පිළිවෙලට මේ තුලින් විශාල දායකත්වයක් සැපයෙනවා.


මෙහිදි අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය  විමලවීර දිසානායක අමාත්‍යවරයා.............සමහර අය චෝදනා කරනවා අපි ඉදිකට්ට ගේන්නෙත් පිටරටින් කියලා. ඒ නිසා ඒක අපි නතර කරගන්න ඕනි. අපිට අපේ රටේ මහා පොලොව, මිනිස්සු ගැන විශ්වාසකින් කටයුතු කරලා නිෂ්පාදන ආර්ථිකයකට මේ රට ගෙනියන්න අවශ්‍යයි.

අවුරුද්දකට ජාතික ආහර නිෂ්පාදනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් වන ජීවීන් විසින් විනාශ කරනවා. බොහෝ ගොවින් බැංකු වලින් ණය අරං ගෙදර දොර කණකර උකස් තියලා වගා කරන්නේ, එය එක රැයකින් වන අලීන්, විවිධ වන සතුන් විනාශ කරනවා. අවුරුදු 25 ක් හදන ගේ එක පැය කාලක් ඇතුලත බිමට සමතලා කරනවා. වනජීවීන් සහ මිනිසුන් අතර ගැටුම දුප්පත් කමටද බලපා තිබෙනවා. වන ජීවීන් විනාශ වනවාසේම, මිනිසුන්ගේ ජීවිතත් විනාශ වෙනවා.  

මේ අවුරුද්දේ අපි කිලෝමීටර් 1200 ක් පමණ අලුතින් අලිවැටවල් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. එය සාම්ප්‍රදායික මෙතෙක් පවත්වාගෙන ආපු අලි වැටම නොවෙයි. අපි විවිධ අත්හදා බැලීම් කරලා නව අලි වැටවල් කීපයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ සදහා අද අපි අත්සන් තැබූ ගිවිසුමට අනුව, දේශීය කර්මාන්ත කරුවන්ගෙන් මෙම පරිවාරක මිලදී ගැනීමට කටයුතු කරනවා.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් එහි ලේකම් එම්. ඒ. බී. විජිත බණ්ඩාරනායක  සහ වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉඳිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැළෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ඩබ්ලිව්. පී. පී. ප්‍රනාන්දු යන මහත්වරු  අතර මෙම ගිවිසුම අත්සන් කිරීම  සිදුවූහ.

ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය විසින් මෙම පරිවාරක(Insulator) වල ප්‍රමිතිය පිළිබදව නිර්දේශ ලබාදී ඇත. විදේශයෙන් ආනයන කරන ලද පරිවාරක වලට වඩා ඉහල ප්‍රමිතියකින් යුතුව දේශීය කර්මාන්ත කරුවන් මෙම පරිවාරක(Insulator) නිෂ්පාදනය කර තිබේ.

විදුලි අලි වැට ඉදිකිරීම සදහා පරිවාරක(Insulator) නවසිලන්තය, චීනය ඇතුළු විදෙස් රට වලින් මේ දක්වා ආනයනය කර තිබේ. ඒ වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 1000ට වඩා වැඩි ප්‍රමාණයක් විදේශයන් වෙත ගෙවා තිබෙන බව ගණනය කර ඇත.

අලි-මිනිස් ගැටුම සම්පූර්ණයෙන් විසදීම සදහා වත්මන් රජය විසින් විදුලි වැට 1400km දක්වා දීර්ඝ කිරීමට යෝජිතය. ඒ සදහා වන පරිවාරක(Insulator) විදේශයන්ගෙන් ආනයනය කිරීමෙන් විශාල විනිමයක් විදෙශයන් වෙත ගලා යනු ඇත. මෙම ව්‍යාපෘතිය තුලින් දේශීය ආර්ථිකය ශක්තිමත් වන අතරම ජාතික ආර්ථිකයටද විශාල පිටුවහලක් සපයයි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමත්‍යාංශයන්හි අධ්‍යක්ෂක වරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments