28.9 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගුළු දමන්නේද?

කොවිඩ් නව ප්‍රභේදය හමුවේ රට අගුළු දමන්නේද?

ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ පවතින තත්ත්වය යටතේ රට අගුළු දමන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පසුව බවය.

“දිනපතා අපි සාකච්ඡා කරමින් යනවා. අලුත් තත්ත්වයන්ට කොහොමද මුහුණ දෙන්නේ කියන කරුණු ගැන. හැබැයි ඒ වෛරසයටත් මේ එන්නත සාර්ථක ආවරණයක් දෙනවා කියලා තමයි දැනට තියෙන සෞඛ්‍ය මතය. දිගින් දිගටම මේ වෛරසය ප්‍රශ්නයක් වෙනවා නම් විතරයි අපි වෙන වෙන ක්‍රියාමාර්ගවලට යන්නේ. දැනට තියෙන්නේ රට නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යන අතරේ රෝගීන් වෙන්කර තබා ගැනීම. ආවට ගියාට රට වසා දැමීම කළ නොහැකියි. විශේෂඥ මතය අරගෙන තමයි තීරණයක් ගත යුත්තේ.” යනුවෙන්  විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments