26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්කොවිඩ්-19 එන්නත් ක්‍රියාවලියේ ප්‍රමුඛතාවය නිවැරදිව හඳුනාගත යුතුයි

කොවිඩ්-19 එන්නත් ක්‍රියාවලියේ ප්‍රමුඛතාවය නිවැරදිව හඳුනාගත යුතුයි

කොරෝනා එනනත් ලබාදීම විද්‍යාත්මක ක්‍රමවේදයකට කල යුතු බව ජාතික ජන බල වේගය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සදහන් කර තිබේ. ජාතික ජන බලවේගය නිකුත් කල නිවේදනය

මේ වන විට අප රට තුළකෝවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන්  මහජනතාව එන්නත් කිරීම අරඹා තිබීම සතුටට කරුණකි. නමුත් සැලකිල්ලෙන් බැලූ විට පැහැදිලිව පෙනෙන්නේ මේ වන විට අනුගමනය කරමින් පවතින එන්නත් කිරීමේ ව්‍යාපාරය විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බැහැරව සිදුකරන  බවය. විශේෂයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීම සඳහා එන්නත් කළ යුතු ආකාරය පිළිබඳ විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කර ඇති නමුදු එම කරුණු අපේ රටේවර්තමානයේදී ක්‍රියාත්මක වන එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී අනුගමනය කරන බව පෙනෙන්නට නැත.මෙම වසංගත තත්වය පාලනය කර ගැනීමේ පැත්තෙන් බැලූ විට මෙය නොසලකා හැරීමට බැරි කරුණකි.
මෙම එන්නත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධානතම අරමුණ වන්නේ දැඩි සංකූලතා සහිත කෝවිඩ් 19රෝගීන් වැළැක්වීම හා කෝවිඩ්-19 රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව වැළැක්වීමයි.එමෙන්ම දැනට පවතින එන්නත් ප්‍රමාණය සීමා සහිත වීම හා රටට අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය ලැබෙන දිනය අවිනිශ්චිත වීම යන කාරණා නිසා එන්නත් කිරීමේදී එන්නත් කළ යුතු ප්‍රමුඛතා අනුපිළිවෙළ හඳුනාගැනීම ඉතා වැදගත් වේ. මේ වන විට ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති සීමාසහිත එන්නත් ප්‍රමාණයක් පමණක් අප සතුව පවතින බැවින්  වඩා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන පරිදි එම එන්නත් අප රට විසින් භාවිත කළ යුතුව ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත්කරණයේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු හතරක් දක්වා ඇත. එනම් යම් රටක් තුළ වසංගතයේ පැතිරීම, පවතින එන්නත් ප්‍රමාණය හා නැවත ලබා ගත හැකි ආකාරය, එන්නතෙහි පවතින විශේෂ ලක්ෂණ හා ඒ ඒ ජනගහනයන් සඳහා එන්නත් කිරීමෙන් ඇතිවන විශේෂ වාසි සහ අවාසි යනු ඒ කරුණු වේ. අප රට සඳහා මහජනතාව එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී එම කරුණු විද්‍යාත්මකව අදාළ කරගත යුතුය. අප රටට එන්නතක් හඳුන්වා දීම සඳහා තාක්ෂණික කමිටුවක් පවතින අතර ඒ සඳහා බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුව, එම තාක්ෂණික කමිටුව ලෙස ක්‍රියාත්මක වේ. එම කමිටුව විසින් මේ වනවිට කෝවිඩ් 19 රෝගය වැළැක්වීම සඳහා ජාතික එන්නත් කරන වැඩපිළිවෙළ අනුමත කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඒ සම්බන්ධ සියලුම පාර්ශවයන්ට දැනුවත් කිරීම් සිදු කර ඇත.
මෙසේ අනුමත කර ඇති කෝවිඩ් 19 රෝග වැළැක්වීම සඳහා ජාතික එන්නත් කරන වැඩපිළිවෙළ අනුව සෞඛ්‍ය සේවා හා රෝගීන් සමග ගැටිය හැකි පොදු සේවාවලට අමතරව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හා බෝනොවන රෝග සහිත පුද්ගලයින් (වකුගඩු රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හදවත් රෝග, ස්වසන රෝග වැනි) එන්නත් කිරීම සඳහා ප්‍රමුඛ කාණ්ඩයම් ලෙස හඳුනාගෙන ඇත. මේ වන විට 430ක් පමණ වන කෝවිඩ් මරණ සංඛ්‍යාවෙහි වැඩි මරණ ප්‍රමාණයක් සිදු වී ඇති වයස කාණ්ඩය වන්නේද වයස අවුරුදු 60ට ඉහළ වයස් කණ්ඩායමයි.
නමුත් මේ වන විට එන්නත ලබාදීම ප්‍රමුඛතා වයස් කාණ්ඩයන් වෙනස් වී ඇති අතර වයස අවුරුදු 30 සහ 60 අතර පිරිස මෙම එන්නත් කරන ක්‍රියාවලිය සඳහා ප්‍රමුඛ කණ්ඩායම ලෙස හඳුනාගෙන ඇති බව පෙනී යයි. එමෙන්ම මෙම පිරිසද විද්‍යාත්මක පදනමකින් තොරව තැනින් තැන තෝරා ගෙන ඇති බව පෙනී යයි. මෙය එන්නත ලබාදීම දේශපාලනීකරණය කිරීමක් ලෙසද පෙනෙන්නට තිබේ. මෙසේ සිදු කිරීමෙන් එන්නත් කිරීමේ ක්‍රියාවලියෙහි මුඛ්‍ය පරමාර්ථයන් ඉටු නොවන අතර කෝවිඩ් 19 රෝගය මර්දනය කිරීමේ මහජන සෞඛ්‍යමය උත්සාහයන්හි ප්‍රතිඵලයන් හීන කිරීමට හේතු වේ.
එම නිසා ඉතා ඉක්මනින් එන්නත් ක්‍රියාවලියේ ප්‍රමුඛතාවය හඳුනාගෙන ඒ අනුව ක්‍රියා කරන ලෙසත් වර්ධනය වෙමින් පවතින වසංගතය හා වැඩිවෙමින් පවතින මරණ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ඉක්මනින් ගෙන ජන ජීවිත සුරක්ෂිත කරන ලෙසත් අපි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments