26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මුතුරාජවෙල ගැන කාදිනල් හිමියන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් නිවේදනයක්

මුතුරාජවෙල ගැන කාදිනල් හිමියන්ට මධ්‍යම පරිසර අධිකාරියෙන් නිවේදනයක්

මුතුරාජවෙල ආශ්‍රිත පරිසරය ඇතුළු ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය උපරිමයෙන් මැදිහත් වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ඊයේ (01) දිනයේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු සපයමින් මධ්‍යම පරිසර අධිකාරිය මේ බව සඳහන් කර ඇත.

මුතුරාජවෙල පරිසර කලාපය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයා සහ වනජීවි රාජ්‍ය අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දු කඩකිරීම පිළිබඳව කාදිනල් හිමියන් නිවේදනයක් නිකුත් කරමින් සිය අප්‍රසාදය පළ කර තිබුණි.

මුතුරාජවෙල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ යෝජනාවට තමන් දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ද එහි දැක්විය.

එම කලාපය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මස 21 වනදා මහින්ද අමරවීර අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ අගරදගුරු නිල නිවසේදී සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එහිදී මෙහි කිසිදු ව්‍යාපෘතියක් සිදුනොකරන බවට අමාත්‍යවරුන් තමා වෙත පොරොන්දු වූ බව කාදිනල් හිමිපාණන් පෙන්වා දී තිබුණි.

එහෙත් එම සාකච්ඡාවේ දී අමාත්‍යවරුන් ඉදිරියේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කරන ලද්දේ එදින සාකච්ඡාවට භාජනය කළ අතිරේක හා ඉදිරි යෝජිත කමිටුව ක්‍රියාත්මක වී අවශ්‍ය තීන්දු ගන්නා තුරු කිසිදු හේතුවක් නිසා කිසිදු ආයතනයකට තාවකාලික හෝ ස්ථීර බලපත්‍ර ලබා නොදෙන බව යැයි ද මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

වැඩිදුරටත් ඔවුන් දක්වා ඇත්තේ, එම සාකච්ඡාවෙන් පසු මේ දක්වා කිසිදු අයුරකින් තාවකාලික හෝ ස්ථිර බලපත්‍ර ලබා දී නොමැති බවය.

අවම වශයෙන් අයදුම්පතක් හෝ භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද ඔවුන් සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments