29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වේල්ලවීදියෙන් හමුවූ කාන්තා මළ සිරුර කුරුවිට තරුණියකගේදැයි සැකයක්

වේල්ලවීදියෙන් හමුවූ කාන්තා මළ සිරුර කුරුවිට තරුණියකගේදැයි සැකයක්

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ අතහැර දමාගිය ගමන් බෑගය බහා තිබූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මේවනවිට ලැබෙමින් ඇති තොරතුරු අනුව විමර්ශන සිදුකරමින් සිටින බව පොලීසිය පවසනවා. 

ඒ අනුව අදාළ මළ සිරුර  කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකගේ බවට සැකකෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ. 

අදාළ තරුණිය ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසා නිවසින් පිටව ඇති බවට මේවනවිට අනාවරණ වී තිබෙනවා. 
  
මේ අතර ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථාන වෙත තරුණියන් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ද මේවනවිට විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලීසිය සඳහන් කළා. 

කොස්ගම, කිරිඳිවැල හා දකුණු පළාතේ පොලිස් ස්ථානයක් වෙත එලෙස පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී ඊයේ සොයා ගැනුණු කාන්තා මළ සිරුරක් බහා තිබූ ගමන් බෑගය රැගෙන ආ සැකකරු එම ගමන් බෑගය ද සමගින් පැමිණි බස්රථයේ රියදුරුගෙන් හා සහායකවරයාගෙන් පොලීසිය මේවනවිට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. 

සැකකරු අදාළ ගමන් බෑගය ද රැගෙන පැමිණි මාර්ග අංක 143, හංවැල්ල – කොළඹ පෞද්ගලික බස්රථය ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

සැකකරු මළ සිරුර සහිත ගමන් බෑගය රැගෙන හංවැල්ල ප්‍රදේශයේදී අදාළ බස්රථයට ගොඩවන අයුරු අසල පිහිටි සීසීටීවී කැමරාවල සටහන්ව තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් 071 85 9 15 57 හෝ 011 2 43 33 33 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments