අගරදගුරු පදවිය විසින් තීරණය කරන ලද Black Sunday හෙවත් කළු ඉරිදාව අදයි. මෙලෙස කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කෙරුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 2කට ආසන්න වී ඇතත් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බවට පවසමින්. ඒ අනුව අද දින දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වන ජනතාව කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයන්ට සහභාගි වන ලෙසටයි ඉල්ලීමක් කෙරුණේ. දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසද අගරදගුරු පදවිය දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දී ඇතැයි සඳහන්.
කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අති උතුම් වින්සන්ට් ප්‍රනාන්දු හිමිපාණන් සඳහන් කළේ, ” මේ ප්‍රහාරයෙන් පසුව සාධාරණය ඉෂ්ඨ කරන්නේ නැතිනම්, මේ රටට ඉදිරියේදී ඉතාමත්ම ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිදුවෙයි. එය වැළැක්විය නොහැකි වෙයි.” යනුවෙනි.